යුරෝපා කොටි තහනම ඉවතට යලි නැගිටිමට සුදානම්/EU lifted ban on LTTE.

324324241241234

යුරෝපා කොටි තහනම ඉවතට යලි නැගිටිමට සුදානම්/EU lifted ban on LTTE.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා කොමිසම පනවා තිබූ තහනම යුරෝපා කොමිසමේ අධිකරණය (ECJ) මඟින් ඊයේ ඉවත් කරනු ලැබීය. තහනම ඉවත් කර ගැනීම සඳහා පවරන ලද නඩුවේ වියදම අදාළ පාර්ශ්ව මඟින් දරා ගත යුතු බවට මෙම අධිකරණය තවදුරටත් නියම කර තිබේ. අධිකරණයේ මෙම තීරණය මාස 3ක කාලයකින් පසු බලාත්මක වන බවටද නියම කර තිබේ.

මේ අතර එල්.ටී.ටී.ඊ. සම්බාධක ඉවත් කිරීමට යුරෝපා සංගමයේ අධිකරණය (ECJ) දුන් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම තීන්දුවත් සමගම යුරෝපා කලාපය පුරා වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති යුරෝපා පුරවැසියන්ගේ ආරක්ෂාව ත්‍රස්තවාදීන් හමුවේ අවදානමකට ලක්ව ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වුවද මෙම අධිකරණ තීන්දුවට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුරෝපා රටවල බලධාරීන්ට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවද අමාත්‍යාංශය තවදුරටත් කියා සිටී. මෙම නඩු තීන්දුව ඊට අදාළ සියලු පාර්ශ්වයන් සමඟ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන බවත් මෙම තීන්දුවෙන් යළිත් එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරකම් යුරෝපා කලාපයේ වැඩිවිය හැකි බවද විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.

ත්‍රස්තවාදී ක්‍රියා සැලකිල්ලට ගෙන 2006 දී යුරෝපා කොමිසම හා එහි සාමාජික රටවල් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කළේය. කොමිසම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව කැනඩාව මහා බ්‍රිතාන්‍යය හා ශ්‍රී ලංකාව ද එල්.ටී.ටී.ඊය තහනම් කළේය.

The Court of Justice of the European Union ordered the Council of European Union to annul the sanctions imposed on the Sri Lankan group and said their assets should remain frozen “temporarily”, according to a statement issued by the court.

The court annulled specific restrictive measures directed against certain persons and entities by the EU with its view of combating terrorism.

The EU had declared the Liberation Tigers of Tamil Eelam (LTTE) a terrorist outfit in 2006, following the earlier proscriptions of the USA and Canada. The ban criminalises any activity that could be connected to the LTTE.

The court said the declaration of the LTTE as a terrorist organisation in 2006 was based on “imputations derived from the press and the Internet”, the statement said.

The court observed that the “Indian authorities cannot be regarded as a reliable source of information since they have adopted a ‘biased position’ in the conflict between the LTTE and the Government of Sri-Lanka.”

It said in a statement that the LTTE is wrong to claim that, in international law, the notions of armed conflict and of terrorism are incompatible.

In addition, the court ordered the Council to pay its own costs and the costs of the LTTE. The Netherlands, the UK and the European Commission were ordered to bear their own respective costs.

The court found the current restrictions implemented by the EU inappropriate and gave the now 28-member EU two months to come out with a new restrictive measure against the LTTE, if appropriate.

The court decision will come to effect after three months.

The European Court of Justice is the highest court in the EU in matters of European Union law.

The LTTE was engaged in an “armed conflict” with Sri Lankan government forces for nearly-three decade, but were defeated in 2009 following the death of its chief Velupillai Prabhakaran, post.jagran reported.