අද කාළගුණය(16/10/14)/ TODAY WEATHER FORECAST.

Sri-Lanka-storm

අද කාළගුණය(16/10/14)/ TODAY WEATHER FORECAST

Atmospheric conditions are still favorable for afternoon showers with lightning activities.

Thundershowers will be fairly widespread over the island during the afternoon and night.

Heavy falls (more than 100mm) are also likely at some places in the Sabaragamuwa, Central, Uva, North-western and Southern provinces.

Showers will occur in the Eastern coastal areas during the morning too.

There may be temporary localized strong winds during thundershowers. General public is kindly requested to take adequate precautions to minimize the damages caused by lightning activities.

අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතී.

 අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී  දිවයින පුරාම පාහේ ගිගුරුම් සහිත වැසි පැතිර යයි.

සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට තද වැසි (මි.මී 100ට වැඩි) ද ඇති විය හැක.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.

 ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

තොරතුරු කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවෙනි.