සැඩසුළගට ධිවරයන් හසුවෙයි

java-sea-high-wave
සැඩසුළගට ධිවරයන් හසුවෙයි.

දකුණු වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් රැගත් බෝට්ටු 40 ක් පමණ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඊයේ(06) සැඩ සුළගකට හසුව තිබෙන අතර එම ධීවර යාත‍්‍රා මියන්මාර මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇති බව පැවසේ. ඉන් යාත‍්‍රා 03ක් ධීවරයන් 15දෙනෙකු සමඟ මියන්මාර ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ධීවර අමාත්‍යාංශය කියයි.එම පිරිස වැලිගම සහ දික්වැල්ල ප‍්‍රදේශයෙන් මුහුදු ගිය පිරිසක් බව පැවසේ.