ඌව සටන සාමකාමිව අවසන්/Uva election held peacefully.

ballot_box

ඌව සටන සාමකාමිව අවසන්/Uva election held peacefully.

ඌව පළාත් සභා ඡන්ද විමසීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය.
ඡන්ද විමසීම ඌව පළාතේ මධ්‍යස්ථාන 832 කදී අද උදෑසන 07.00 ට ආරම්භ වුණි.
මෙවර ඌව පළාත් ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් දස ලක්ෂ 31,820 දෙනෙකු සුදුසුකම් ලැබු අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් හයලක්ෂ 99,066 දෙනෙකු සහ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තුන්ලක්ෂ 32,764 දෙනෙකු වශයෙන් ඡන්දය භාවිතා කිරිමට සුදුසුකම් ලබා තිබුණි. ඌව පළාත් සභා ඡන්ද විමසීමේ ජන්දය ප‍්‍රකාශ කිරීම සියයට 60 ඉක්ම වන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා. මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන යමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඌව පළාත් සභා ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමී අයුරින් පැවැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය ප‍්‍රකාශ කළා.

Department of Election and the District Returning officers stated that Uva Provincial council election which began at 7 this morning has been conducted peacefully thus far.

During the first few hours of the election, a considerable number of voters have visited the polling booths to cast their votes.

District Secretary Rohana Keerthi Dissanayake told our news team that Badulla District election is being conducted peacefully as of 12 noon, where more than 30 percent of voters have cast their votes.

According to District Secretary A. Pathi-naadan, the election of Moneragala District is also conducted in a peaceful manner where about 40 percent of voters have cast their votes thus far.

The Department of election states that overall the election is being conducted peacefully so far and that the voters have shown keen interest in casting their votes.