ඊයේ අතුරුදන් වු නෝටන්බි‍්‍රජ් දැරිය සොයා ගනි…

 

අතුරුදන් දැරිය පාසැලේ හැංගිලා02

ඊයේ අතුරුදන් වු නෝටන්බි‍්‍රජ් දැරිය සොයා ගනි…

ඊයේ (13) දහවල් සිට අතුරුදන්ව සිටි නෝටන්බි‍්‍රජ් පොලිස් වසමට අයත් විමලසුරේන්ද්‍ර ගම්මානයේ අට හැවිරිදි දීපා චාන්දනී එදිරිසිංහ නැමති දැරිය අතර මීට ටික වේලාවකට පෙර සොයා ගෙන තිබේ. නෝටන්බි‍්‍රජ් පොලීසිය අවට පොලිස් ස්ථානවල සහ යුද හමුදාවේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත අතුරුදන්ව සිටි දැරිය ඇය ඉගෙන ගන්නා නෝටන්බි‍්‍රජ් විදුලිපුර මහා විද්‍යාලයේ සැඟව සිටියදී නෝටන්බි‍්‍රජ් පොලීසිය මඟින් අද (14) උදෑසන සොයාගනු ලැබීය. මව්පියන් හැරගොස් ඇති එම දැරියව හදා වඩාගෙන ඇත්තේ ඇයගේ නැන්දා කෙනෙකු විසිනි.

දැඩි දඩබ්බර ගතියකින් යුත් මෙම දැරිය යහමගට යැවීම සඳහා තරවටුකිරීම හේතුවෙන් මෙම දැරිය නිවසින් පලා ගොස් පාසලේ සැඟවී සිට ඇති බවට නෝටන්බි‍්‍රජ් පොලීිය සැක පහල කරයි. ළමයා සොයාගන්නා අවස්ථාවේ ඇය කුසගින්නේ සිටි බවත් ඇයව වෛද්‍ය පරීඏණයකට භාජනය කර ඉදිරි නීතිමය පියවර ගන්නා බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.