මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated

585858855

මන්ත්‍රී අජිත්ගේ පාදයක කොටසක් ඉවත් කෙරේ/UNP MP Mannapperuma’s leg amputated

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද(07) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ දකුණු පාදයේ දණහිසින් පහළ කොටස කපා ඉවත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ මන්ත්‍රීවරයාගේ පාදයට එම අනතුරෙන් දැඩි ලෙස හානි සිදුව තිබූ බවයි.

අදාළ අනතුරින් පසු මානප්පෙරුම මහතා නාගොඩ රෝහලට ඇතුළත් කළ අතර ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබේ.
මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා විය.
අනතුරෙන් ජීප් රථයේ රියදුරුද තුවාල ලබා ඇති අතර ඔහු ද ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

UNP MP Ajith Mannapperuma’s right leg amputated below the knee following the Southern Expressway accident.

UNP Parliamentarian Ajith Mannapperuma was injured and hospitalised today due to an accident near 40th kilometre post on the Southern Expressway.

The accident had reportedly occurred when the MP’s driver had lost control of the jeep causing it to collide with the protective railing.

The wounded MP and his driver have been admitted to the Nagoda Hospital in Kalutara for treatment.

Subsequently the MP and the driver were transferred to the Colombo National Hospital for further treatment.