යාල වහල/Yala National Park closed

5758868738737

යාල වහල/Yala National Park closed

යාල ජාතික වනෝද්‍යානය හෙට (02) සිට ලබන 30 දක්වා නරඹන්නන් සඳහා තාවකාලිකව වසා තබන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වකවානුව තුළ ආරම්භ වන දැඩි නියං තත්ත්වය හේතුවෙන් අතීතයේ සිට සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.

ඒ අනුව යාල වනජීවි බංගලා හා අභ්‍යන්තර මාර්ග පද්ධතීන් ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු ද මෙම වකවානුව තුළ සිදු කෙරේ. මෙවර ද වනෝද්‍යානයේ පවතින විශාල වැව්වලට අමතර ව යාල කලාප අංක පහකට අයත් වපසරියේ කෘතිම පොකුණු සාදා ඒවාට බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කෙරේ.
මෙම කාලයේ දී සතුන් වනෝද්‍යානයෙන් පිටත ප්‍රදේශවලට යෑම වැළැක්වීම සඳහා විදුලි වැටවල්ද ක්‍රියාත්මක කෙරේ.

ඔක්තෝබර් 01වැනි දින වනෝද්‍යානය යළි විවෘත කිරීමට නියමිතව තිබුණ ද නියං තත්ත්වය දිගටම පැවතිය හොත් තවදුරටත් වනෝද්‍යානය වසා තැබීමට පියවර ගැනෙනු ඇත.

Yala National Park will be closed for visitors from the 2nd of September to the 30th of September. This allows park officials to spruce up the park while offering the animal kingdom a well-earned respite from the human kind.