ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away

z_-arts-page-13-Birthday-02

ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ අභාවප‍්‍රාප්ත වෙයි/Bandula Vithanage has passed away

ප‍්‍රවීන කලාකරු බන්දුල විතානගේ මහතා කෙළඹ ජාතික රෝහලේදී 01 දින දහවල් අභාවප‍්‍රාප්ත වී ඇත. ඒ මහතා කලක සිට රෝගීව සිට ඇති අතර මිය යන විට අවුරුදු 73කි .

පෝල් ද සිල්වා විතානගේ හා පියසීලි කනහැරආරච්චි යුවලට දාව 1940 සැප්තැම්බර් 11 වනදා බන්දුල ද සිල්වා විතානගේ ගෝනගල දී උපත ලැබීය.සහෝදරයන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය කොළඹ කේරි විද්‍යාලය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබීය.

1963 දී ලංකා විශ්ව විද්‍යාලයට(කොළඹ) ඇතුලත් වූ ඔහුට එහිදී නාට්‍ය කලාව සම්බන්ධයෙන් ලැබුණු පන්නරය ඔහුගේ ගමන් මග ශක්තිමක් කරන්නට විය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු සීමා සහිත හේලීස් සමාගමේ භාෂා පරිවර්තකයකු වූ ඔහු 1970-1981 දක්වා ගුවන් විදුලි සංස්ථාවේද 1982-1994 දක්වා රූපවාහිනී සංස්ථාවේද 1994 සිට රූපවාහිනී අභ්‍යාස ආයතනයෙහිද සේවය කළ අතර 2001 සිට ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයකු වශයෙන් කටයුතු කරන ලදී

1972 දී ශ්‍රියා කංකානම්ගේ කමලා පීරිස් සමඟ අතිනත් ගත් එතුමා චානකල නාලක හා වජිරකුමාරි යන අයගේ පියාණෝය .ඕස්ට්‍රේලියාව  1979 ,මැලේසියාව ,1981 1988 1994 ඇමරිකා එක්සත් ජනපදය,1989 ප්‍රංශය,1994 පිලිපීනය ,1995 වැනි රටවල වෘත්තීය පුහුණු හා විවිධ වැඩසටහන් සඳහා සහභාගී වී ඇති ඔහු දේශීය කලා ක්ෂේත්‍රයට දායාද කරන ලද නිර්මාණ රාශියකි.

නාට්‍ය නිර්මාණ

එළිය(පරිවර්තනය)-2002
ඒ සොඳුරු මිනිසා  2003
මේඝ ගර්ජනා     1969
ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් 1971
බේකට් 1974
වැනීසියේ වෙළෙන්දා  1980
මැක්මත් :පර්වර්තන  2001

සම්මාන

සෙනෙහෙබර ඩොලී – හොඳම පරිවර්තන හොඳම නිෂ්පාදනය(1987 රාජ්‍ය නාට්‍ය)
හිරු දහස               – හොඳම පරිවර්තන හොඳම නිෂ්පාදනය(1990 රාජ්‍ය නාට්‍ය)

Veteran playwright, teledrama director, script writer and actor Bandula Vithanage has passed away at the age of 74. Family members of the Sri Lankan cinema icon said he was receiving treatment at the Colombo National Hospital when he passes away this afternoon