කෝටි 152ක කුඩු ගෙනා මහ මොළකරු අල්ලයි.

66098_heroine

 

කෝටි 152ක කුඩු ගෙනා මහ මොළකරු අල්ලයි.

ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 152ක් වටිනා හෙරොයින් තොගයක් ගෙන්වීමේ මත්කුඩු මාෆියාවට සම්බන්ධ අන්තර් ජාතික මහ මොළකරු වන,මුස්ලිම් ජාතික පාකිස්තානු ජාතිකයෙකු වන ෂකිල් අහමඩ් නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කෙළේ පසුගිය 23 වැනි දින රාත්‍රි 10.30ට පමණ මේ පාකිස්තානු ජාතිකයා අත්අඩංගුවට ගත් බවයි.

ඔහු සීදූව ප්‍රදේශයේ නවාතැන් ගෙන මේ ජාවාරමට සම්බන්ධව කටයුතු කරන බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබේ.
පසුගිය ජූලි 21 වැනි දින ඔරුගොඩවත්ත භාණ්ඩ බහාලුම් මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 93ක් වටිනා හෙරොයින් කිලෝ 93ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණ අතර, පසුගිය 14 දින කටුගස්තොටදී රුපියල් කෝටි 59ක් වටිනා හෙරොයින් කිලෝ 59ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.