මහියංගණය ‘එස්‌ටීඑෆ්’ට භාරදෙයි/STF Security to Mahiyanganaya Area.

STF

මහියංගණය ‘එස්‌ටීඑෆ්’ට භාරදෙයි/STF Security to Mahiyanganaya Area.

ඌව පළාත් සභා මැතිවරණය අවසන් වනතෙක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගන ඡන්ද බල ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා අද (09 වැනිදා) සිට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය (එස්‌ටීඑෆ්) යෙදවීමට පොලිස්‌ මූලස්‌ථානය තීරණය කර ඇත.

මහියංගනය ප්‍රදේශයේ උද්ගත විය හැකි යෑයි අනුමාන කෙරෙන ප්‍රචණ්‌ඩකාරි ක්‍රියා පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් ඊයේ (08 වැනිදා) ඉල්ලීමක්‌ කළේය.

එම ඉල්ලීමට අනුව ඌව පළාත් සභා මැතිවරණය අවසන් වන තුරු මහියංගනය ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යෙදවීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ මහියංගනය ප්‍රදේශයට ගොස්‌ පොලිසිය සමඟ ඒකාබද්ධ වී ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා ක්‍රියා කරනු ඇත.

ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වන අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරා වන පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ ඇතුළු ආධාර කරුවන් විශාල පිරිසක්‌ 6 දා දහවල් රථ පෙළපාලියක්‌ පවත්වද්දි සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයකු විසින් එය නතර කිරීමට උත්සාහ කරන ලදී.

ඒ අවස්‌ථාවේ අදාළ මන්ත්‍රිවරයා සහ සොහොයුරා සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයාට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

මෙම සිදුවීම නිසා මහියංගනය ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8 දා) පැවැති අතර ඊට මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා සහ පක්‍ෂ ලේකම්වරු සහභාගි වූහ.

මහියංගනයට විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා ඉල්ලා ඇත්තේ මෙම සාකච්ඡාවේදීය.

It is reported that the Elections Commissioner Mahinda Deshapriya requested from the Police to deploy STF to Mahiyangana electoral area.

 Deputy Election Commissioner M.M. Mohamed stated that it was discussed during a meeting held between the Election Commissioner and the General Secretaries of Political Parties that are contesting the Uva Provincial Council Elections at the Election Secretariat yesterday (8).