විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී

10372022_300306033460003_6166354504874246255_n

කොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ.

මාතර වෙරළ උද්‍යානයේ දි සැමරුම් උත්සවය පෙරවරු අටට පමණ ආරම්භ වීමට නියමිතය.

යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකයින් දස දහසක් පමණ මෙවර විජයග්‍රහණයේ සැමරුම සඳහා එක්වෙයි.