සන්ධාන රැලිය හා පෙළපාළිය කොළඹදී….

ආණ්ඩු පක්ෂයේ මැයි දින රැලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී සවස 3.00ට පැවැත්වේ. පෙළපාළිය දහවල් 12.00ට නෙළුම් පොකුණ මාවතෙන් ආරම්භ වී ශාන්ත බි්‍රජට් වටරවුම, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත, ඇස්වාට්ටුව වටරවුම, ඩීන්ස් පාර, සිමන්ස් පාර, පුංචි බොරැල්ල, බොරැල්ල හන්දියට පැමිණ බේස්ලයින් මාර්ගය ඔස්සේ කැම්බල්පිටියට ළඟා වීමට නියමිතය.

ඊට එක්වන මහජන එක්සත් පෙරමුණේ මැයි පෙළපාළිය නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දහවල් 12.00ට රාජගිරිය ආයුර්වේද වටරවුමෙන් ආරම්භ වී කාසල්වීදිය, සේනානායක වටරවුම, බොරැල්ල මංසන්ධිය, කැම්බල්පිටියට ළඟා වීමට නියමිතය.
‘මවුබිම’ සුරැකිමු නිදහස සුරැකිමු’ යන්න ආණ්ඩුවේ මැයි දින රැලියේ තේමාවයි.