MERS Corona Virus – උණ-සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස-හතිය-ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න.


මැද පෙරදිග රටක රැඳී සිටියදී හෝ මෙරටට පැමිණ සති දෙකක් ඇතුළතදී උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය හෝ හුස්ම ගැනීමේ අපහසුතාව, පාචනය, වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වහාම ප්‍රතිකාර හා උපදෙස් ලබාගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටියි. මැද පෙරදිග රටවලින් මතුවූ මර්ස් කොරෝනා නමැති ශ්වසන ආසාදනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය එම ඉල්ලීම කරයි.

මර්ස් කොරෝනා වෛරස් රෝගය මෙරටට ඇතුළුවීම වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මුස්ලිම් කටයුතු අමාත්‍යංශය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය එක්ව කමිටුවක් පිහිටුවා ඇති බවත් රෝගය සම්බන්ධයෙන් ප්‍රධාන රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුම්වත් කර රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය රෝග නිවාරණ මෙවලම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් රෝහල්වලට නිකුත් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

The Sri Lankan Foreign Employment Bureau states that it is maintaining a constant vigil regarding the Sri Lankans employed in the Middle East due to the MERS Corona Virus that is spreading through Middle Eastern countries including Saudi Arabia.

The bureau stated that it has taken steps to provide all those who are travelling to the Middle East with face masks and the bureau has obtained 50,000 masks in this regard.

Spokesperson for the Sri Lankan Foreign Employment Bureau stated that facilities have been provided for those who are returning to obtain medical assistance by presenting their passport in case they suspect that they have contracted the disease.