Tag: news

  • කෝටි ගණන් ගැරූ බම්බලපිටියේ හොර ඩිප්ලෝමා කඩය අල්ලයි

    දේශීය සහ විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබා දෙන බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවාගෙන මාර්ගස්ථ (ONLINE) ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින් ඩිප්ලෝමා සහතික නිකුත් කළ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් බම්බලපිටිය පොලිසිය මගින් වැටලීය. බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේ EVOLVE COLLEGE OF EDUCATION මෙම ව්‍යාජ ඩිප්ලෝමා අධ්‍යාපන ආයතනය පවත්වාගෙන…

  • යකඩ මුගුරකින් පහර දුන් සැමියාට බිරිඳ මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් ඇන මරා දමලා

    වැල්ලව පොලිස් වසමේ, බලගහගම ප්‍රදේශයේ නිවසක් තුළදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (දෙසැ. 3) තම ස්වාමි පුරුෂයා ඝාතනය කරනු ලැබ ඇති බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් වූ බලගහගම, තල්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා බිරිඳ සමග ඇති වූ ආරවුලක් මත බිරිඳට යකඩ මුගුරකින් හා යකඩ…

  • ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වුණා. දීර්ඝ කාලයක සිට අසනීිප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම මිය ගොස් තිබෙනවා. 1948 ජුලි මස 4දා කෑගල්ල, බොස්සැල්ලේදී උපත ලැබූ ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේද රැකියාව සිදු කර තිබෙනවා. මෙරට කලා ක්ෂේත්‍රයට නන් අයුරින් දායක වූ එතුමන් මිය යන…

  • NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

  • සාපෙළ ප්‍රථමයා නුවරින්

    අද (01) උදෑසන නිකුත් කළ අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ දැරියක් හිමිකරගෙන ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව අද පාර්ලිමේන්තුවේදී පැවසීය. 2022 අපොස සාපෙළ ප්‍රතිඵල අනුව සිසු-සිසුවියන් 13,588ක් A නවය බැගින් ලබාගෙන ඇති බව සඳහන් ය. එසේම එම විභාගය සඳහා මුහුණදුන් අපේක්ෂකයින්ගෙන් 72.07%ක් අපොස උසස්පෙළ…

  • මන්නවලින් කපා කොටා පැන්න පාතාලේ කෙරුවාව

    කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ. මේ වනවිට අනාවරණය වී ඇත්තේ මෙම කොල්ලකරුවන් දෙදෙනා විසින් පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී සිදුකළ පහරදීම්වලින් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇත. සැකකරුවන් දෙදෙනා ප්‍රථමයෙන් පානදුර ප්‍රදේශයේදී…

  • ශ්‍රී ලංකාවේ සැමට සුබ ආරංචියක්

    ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව සඳහන් ය. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට බාහිර ණය ගෙවීම අත්හිටුවීය.…

  • වැල්ලම්පිටිය පාසලේ අනතුර ගැන විමර්ශනයක්

    වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඉදිරියේ දී…

  • මොරගහහේනේදී පැහැරගත් දැරිය සොයාගනී

    මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සිටි වයස අවුරුදු 07ක දැරිය  හමුවී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි. දැරියගේ මව මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ල සිදුකළ දැරියගේ මව ඇයගේ ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා සිය මව හා සැමියාගේ නැගණිය අදාළ නිවසේ වාසය කර තිබේ.…

  • පිරමීඩ ජාවාරමකට හසු වූ තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

    බොල්ගොඩ ජලාශයේ තිබී මළසිරුරක් හමු වූ බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයයි. දේහය පවුලේ සාමාජිකයන් විසින් හඳුනාගෙන ඇති බව ද සඳහන්. මරණකරු කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කළ අයෙකු වනවා. පිරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර…