Author: Pushpakumara Samarawickrema

  • හිටපු ඇමැති කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරයට

    හිටපු ඇමැති කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරයට

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන්…

  • තායිලන්ත අගමැති ශ්‍රී ලංකා නිල සංචාරයක

    තායිලන්ත අගමැති ශ්‍රී ලංකා නිල සංචාරයක

    තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් අද උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඒ දෙදින නිල සංචාරයක් සඳහායි. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එක් වීමට නියමිත අතර ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය හා තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ…

  • අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි

    අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි

    ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ  ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ  ප්‍රමුඛතම සමාගමක්  වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න්  අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක…

  • කෙහෙළිය අද අධිකරණයට

    කෙහෙළිය අද අධිකරණයට

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, ආන්දෝලනයට තුඩුදී ඇති ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන්. හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත්…

  • ප්‍රදේශ කිහිපයකට වැසි

    ප්‍රදේශ කිහිපයකට වැසි

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…

  • යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට

    යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට

    ‘යුක්තිය’ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

  • නිදහස ඉරිදා නිසා සඳුදා නිවාඩු දිනයක්ද ?

    නිදහස ඉරිදා නිසා සඳුදා නිවාඩු දිනයක්ද ?

    76 වැනි නිදහස් දිනය ලබන ඉරිදා දින (04) යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (5) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

  • කෙහෙළිය අත්අඩංගුවට

    කෙහෙළිය අත්අඩංගුවට

    පය 10 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිල දී ගැනීමේ වංචාව සම්බන්ධයෙනි.

  • පළමු දිනයේ ලංකාව ඉදිරියෙන්

    පළමු දිනයේ ලංකාව ඉදිරියෙන්

    ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත්ව සිටී. ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 198ට පිළිතුරු වශයෙනි. නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 42ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් රැස්…

  • ලාෆ්ස් ගෑස් මිල ද වෙනස් නොවේ

    ලාෆ්ස් ගෑස් මිල ද වෙනස් නොවේ

    තමන් ද පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පැවසීය. එම සමාගම පැවසුවේ ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි.