Author: Pushpakumara Samarawickrema

  • වැට් වලින් නිදහස් වෙළෙඳ සැල් ජාලයක්

    වැට් වලින් නිදහස් වෙළෙඳ සැල් ජාලයක්

    වැට් බදු අය කිරීමකින් තොර පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සඳහා VAT FREE SHOP නම් වෙළෙඳසැල් ජාලයක් රට පුරා ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (21) කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහන් මාලාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය. ඔහු පැවසූවේ සිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ව්‍යාපාර…

  • ITAK නායකත්වයට එස්. ශ්‍රීධරන්

    ITAK නායකත්වයට එස්. ශ්‍රීධරන්

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පැවැත්වුණි. ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි අතර රහස් ඡන්දයකින් නව…

  • මාතර තෙලිජ්ජවිල වෙඩි තැබීමක්

    මාතර තෙලිජ්ජවිල වෙඩි තැබීමක්

    මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ අද (20) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදී ඇත්තේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුටය. ඔහු වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

  • විදුලි සේවකයින් 66 ක් ඉවතට

    විදුලි සේවකයින් 66 ක් ඉවතට

    වැඩ තහනම් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව විදුලි සේවකයන් පසුගියදා විරෝධතාවයේ නිරත වුණා. මුදල් කවුළු වසා පාරිභා්ගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා වන අයුරින්ද ඇතැම් සේවකයින් කටයුතු කර තිබුණා. ඒ අනුව මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටයි පළමුව පියවර ගනු…

  • සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්

    සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්

    පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය. පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි…

  • ලංකා සතොසේ බිත්තර මිල වෙනස් වෙයි

    ලංකා සතොසේ බිත්තර මිල වෙනස් වෙයි

    ලංකා සතොස මගින් අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35 කට අලෙවි කිරීමට නොහැකි වීම මෙයට හේතුවයි.

  • විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

    විදුලි සේවකයින් 15 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

    විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ, පසුගියදා පැවති උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවය. විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.

  • ජනපති අද නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතයි

    ජනපති අද නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි. උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ 19 වෙනි රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබේ. හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කරගැනීම මෙවර සමුළුවේ තේමාව ය. මෙම සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවරට පැමිණ තිබුණි.

  • කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්

    කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්

    පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන…

  • කඩුළු 09 ක ජයක් සමග ශ්‍රී ලංකාවට තරගාවලි ජය

    කඩුළු 09 ක ජයක් සමග ශ්‍රී ලංකාවට තරගාවලි ජය

    ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර 03 වන සහ අවසන් 20 -20 තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.එය කඩුළු 09 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.සිම්බාබ්වේ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 14 යි එක් පන්දුවක්…