Author: Pushpakumara Samarawickrema
-
අද රෑට ඉන්ධන මිළට මොනවා වෙයිද ?
—
in Local Newsලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය. නමුත් දැනටමත් තිබෙන ඉහළ ඉන්ධන මිල හේතුවෙන් අපේ ඉන්ධන මිළ විශාල ලෙස ඉහල නොයනු ඇතැයි ද ඩීසල් මිල සුළු වශයෙන් ඉහල යා හැකි බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
-
VAT Refund කවුළුවක් ගුවන් තොටුපොළේ ඇරෙයි
—
in Local Newsවිදෙස් සංචාරකයන් මෙරට වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද වැට් බද්ද නැවත ලබා ගතහැකි (Refund) විශේෂ කවුළුවක් පෙබරවාරි මස 10 වැනිදාට පෙර කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම කවුළුව පවත්වාගෙන යන බවත්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් වැට් ගෙවූ බවට සඳහන් කරන ලද අදාළ බිල්පත් එම…
-
සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට
—
in Local Newsඅභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් එල්. කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අතර, පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ බව දැනුම් දී ඇත. ජගත් ප්‍රියංකර මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු…
-
යුක්තිය මෙහෙයුමෙන් තවත් 729ක් කොටු වේ
—
in Local Newsයුක්තිය මෙහෙයුම යටතේ අද (31) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 499 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 230දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය. අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන්…
-
19 න් පහල ලෝක කුසලානය… සුපර් සික්ස් වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව පරදා කොදෙව්වන් ජයගනී
—
in Sports Newsවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජයට පත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගය කඩුලු තුනකින් ජය ගත්තේය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත්විය.දිනුර කළුපහන පන්දු…
-
ලංකා සතොස පාරිභෝගිකයින්ට අලුත් ක්ෂණික ඇමතුම් අංකයක්
—
in Local Newsදිවයිනේ ප්‍රමුඛතම සහ රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළෙඳ සැල් ජාලය වන ලංකා සතොස විසින් සිය පාරිභෝගිකයින් උදෙසා නව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.1998 එම නව ක්ෂණික ඇමතුම් අංකයයි. මේ හරහා සිය පාරිභෝගිකයින් හට යෝජනා, අදහස්, විමසීම් මෙන්ම පැමිණිලි ද ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.දිවයින පුරා සිටින ඕනෑම ලංකා සතොස පාරිභෝගිකයකු හට ලංකා…
-
සජිත් ජාතික රෝහලට යයි
—
in Local Newsසමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාව අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය. විරෝධතාව අතරතුරදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද රෝහල්ගතකර තිබුණි.
-
මුජිබුර් රහුමාන් රෝහල්ගත කෙරේ
—
in Local Newsකොළඹ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
-
සජබ රැළියට ජල හා කඳුළු ගෑස්
—
in Local Newsසමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය. කොළඹ නගර සභාව ආසන්නයෙන් ඇරඹුණු විරෝධතා පා ගමනට කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී මෙලෙස පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළේය.
-
තවත් 868ක් අත්අඩංගුවට ඊයේ යුක්තියට කොටුවේ
—
in Local Newsදිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී අද (30) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 536 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 332 ක් සමගින් මුළු සැකකරුවන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් 120gඅයිස් 98gගංජා 123kg 600gගංජා පැල 9,708මාවා 249gමදනමෝදක 137gමත්පෙති 31,611 මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන්…