19 න් පහල ලෝක කුසලානය… සුපර් සික්ස් වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව පරදා කොදෙව්වන් ජයගනී

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජයට පත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගය කඩුලු තුනකින් ජය ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත්විය.
දිනුර කළුපහන පන්දු 83කදී ලකුණු 53යි.
මල්ෂ තරුපති පන්දු 38කදී ලකුණු 42යි.

කොදෙව් යොවුන් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *