Author: admin

  • පාන් මිල අද රෑ සිට ඉහලට.

    පාන් මිල අද රෑ සිට ඉහලට.

    පාන් මිල අද (21) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩි කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 4කින් වැඩිකෙරෙනු ඇති. වෙනත් බේකරි නිෂ්පාදනවල මිල ද මේ සමග ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කියා සිටියා.

  • එජාපෙට එරෙහිව පැමිණිල්ලක්.

    එජාපෙට එරෙහිව පැමිණිල්ලක්.

    එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේදී ඉකුත් දා පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ‘‘සිංහල රාවය’’ සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දුන්නේ මෙම විරෝධතාව හේතුවෙන් එම අවස්ථාවේදී දැඩි රථවාහන තදබදයක් ඇතිවූ බවයි. එම නිසා ජනතාව දැඩි පීඩාවට පත්වුණා. කෙසේවෙතත් ඉකුත් දා තම සංගමය මගින් කළුතරදී කළ විරෝධතාවකට එරෙහිව…

  • විදුලිය ගැන හොයන්න ජර්මනියෙන් එයි.

    විදුලිය ගැන හොයන්න ජර්මනියෙන් එයි.

    විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රාන්ස්ෆෝමර කිහිපයක් පිපිරීයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජර්මානු විශේෂඥයින් දෙදෙනෙකු හෙට(21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ අදාළ ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කළ සමාගමේ විශේෂඥයින් දෙදෙනෙකු මෙලෙස පැමිණීමට නියමිත බවයි. පසුගිය ඉරිදා දිනයේ බියගම විදුලි උපපොළේ ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමට ලක්වු අතර සිකුරාදා දිනයේ දී ජාඇල කටුගොඩ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක්…

  • පපුවට ගහගන්න අය කරපු දේ දන්නවා- ජනපති කියයි.

    පපුවට ගහගන්න අය කරපු දේ දන්නවා- ජනපති කියයි.

    “මෑතදී කොළඹට රැස්‌වුණු පිරිසක්‌ රට පාලනය කිරීමේ බලය ඒගොල්ලන්ට දුන්නොත් හොඳට කරන බව කිව්වා. මේ කට්‌ටිය හොඳට කළ හැටි රට හොඳටම දන්නවා. ඔය වේදිකාවලට නැග පපුවට අත් දෙක ගසාගෙන රට පාලනය කරන්න ඉල්ලන අය කවුදැයි අපි දන්නවා. ඔවුන් සමඟ මා වැඩ කර තිබෙනවා. ඔවුන් සමඟ වැඩ කිරීමට බැරිම තැන මම එළියට ආවා. රට ඒගොල්ලන්ට දෙන්නැයි…

  • කලින් ආණ්ඩු දුන්නා වගේ දෙන්න බෑ. ඇමැති රවි කියයි

    කලින් ආණ්ඩු දුන්නා වගේ දෙන්න බෑ. ඇමැති රවි කියයි

    රජයකට හැමදාම සහනාධාර ලබා දිය නොහැකි බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (17 දා) පැවසීය. වත්මන් රජය බලාපොරොත්තු වන්නේ රටේ ආදායම වැඩි කිරීම බවත් අදට වඩා හෙට හොඳ දවසක්‌ බිහි කිරීම රජයේ අරමුණ බවත් හෙතෙම කීය. ජනතාවට හැකි තරම් සහන ලබාදීමට රජය ක්‍රියා කරන නමුත් පසුගිය රජය නාස්‌තිකාර ආකාරයෙන් දුන් ලෙස සහන දිය නොහැකි…

  • විමල් අද අධිකරණයට කැදවයි.

    විමල් අද අධිකරණයට කැදවයි.

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු  පක්ෂ සාමාජිකයින් 6 දෙනෙකුට අද (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. එ් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඉකුත්දා සිදු කළ විරෝධතාවට අදාළව නඩුවට පෙනී සිටීම සඳහායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුගේ ශී‍්‍ර ලංකා සංචාරයට විරෝධය…

  • මවුන්ට් එලිසබත් ගිය ඇමති රාජිත යලි එයි.

    මවුන්ට් එලිසබත් ගිය ඇමති රාජිත යලි එයි.

    ප‍්‍රතිකාර සඳහා විදේශ ගතව සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් දින කිහිපයේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා. හෘදයාබාධයක් හේතුවෙන් පෙබරවාරි මස 19 වැනිදා රාජිත සේනාරත්න මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. එ් මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලාපිටත්ව ගියේ ඉන් අනතුරුවයි.

  • රටටම යලිත් විදුලිය.

    රටටම යලිත් විදුලිය.

    මේ වන විට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඊට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (18) පස්වරුවේ සිට සකි‍්‍රය වීම හේතුවෙන්. එ් අනුව මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට ජාතික පද්ධතියට මුදාහැරෙනවා. එබැවින් විදුලිය විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට හැකියාව උදා වූ බවයි විදුලිබල…

  • ඒකාබද්ධ විපක්ෂයේ “ජන සටන” විරෝධතා රැළිය සජීවිව නරඹන්න.

    ඒකාබද්ධ විපක්ෂයේ “ජන සටන” විරෝධතා රැළිය සජීවිව නරඹන්න.

     ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය. මෙම ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා එක්වීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය අද සංවිධානය…

  • නාමල් FCID එකේ,රැළියට එන්න බැරිවෙයිද?

    නාමල් FCID එකේ,රැළියට එන්න බැරිවෙයිද?

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පෙරවරු 10.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා. ඒ ඉන්දියාවේ සුප්‍රකට සමාගමක්, කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයක මූලික අනුමැතිය ලබා ගැනීම සඳහා වූ ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් ගැනීමට බවත් සඳහන්.