කලින් ආණ්ඩු දුන්නා වගේ දෙන්න බෑ. ඇමැති රවි කියයි

Sri Lankan opposition legislator Ravi Ka
රජයකට හැමදාම සහනාධාර ලබා දිය නොහැකි බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (17 දා) පැවසීය.

වත්මන් රජය බලාපොරොත්තු වන්නේ රටේ ආදායම වැඩි කිරීම බවත් අදට වඩා හෙට හොඳ දවසක්‌ බිහි කිරීම රජයේ අරමුණ බවත් හෙතෙම කීය.

ජනතාවට හැකි තරම් සහන ලබාදීමට රජය ක්‍රියා කරන නමුත් පසුගිය රජය නාස්‌තිකාර ආකාරයෙන් දුන් ලෙස සහන දිය නොහැකි බවත් ඒ මහතා කියා සිටියේය.

රටේ යම් පිරිසකට සහන ලබා දුනහොත් එම සහන සඳහා රටේ සමස්‌ත ජනතාවටම ණය ගෙවීමට සිදුවන බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

( දිවයින පුවත් පතින්)


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *