ඒකාබද්ධ විපක්ෂයේ “ජන සටන” විරෝධතා රැළිය සජීවිව නරඹන්න.

 ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය.

මෙම ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා එක්වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය අද සංවිධානය කරන ජන රැළිය සඳහා තමා සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ රැළිය සම්බන්ධයෙන් ඇතමුන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

කෙසේවෙතත් කොළඹ හයිඩ් පිටියේ අද පස්වරුවේ පැවැත්වෙන එම රැළියට තමා අනිවාර්යයෙන් සහභාගී වන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ හයිඩ් පිටියේ පැවැත්වෙන රැළිය සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි.

රැළියට බාධා කිරීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *