වාරියපොළ තරුණිය අද පොලිසියට..


වාරියපොළ තරුණිය අද පොලිසියට..
වාරියපොළ ප්‍රධාන බස් නැවතුම්පළේදී තරුණයකුට බැණවදිමින් ඔහුට දිගට හරහට කම්මුල් පහර එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ තරුණියගෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (27 වැනිදා) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.
ප්‍රහාරයට ලක් වූ තරුණයා වාරියපොළ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට තරුණියට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් බව වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පරීක්ෂක ප්‍රියන්ත සමරතුංග මහතා ප්‍රකාශ කළේය.
මෙම තරුණිය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින්නියකි.
මෙම තරුණයාට කම්මුල් ප්‍රහාර එල්ල කරන මොහොතේ සිද්ධිය වීඩියෝ ගත කළ පුද්ගලයා ද පොලිසියට අවශ්‍ය කරන බව පොලිසිය කියයි.
Leave a Reply