කොරියානු භාෂා විභාග අයදුම්පත ව්‍යාජ එකක්

අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නොමැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවද එම කාර්යාංශය අවධාරණය කරයි.

එම ව්‍යාජ Google Forms වෙත ඔබගේ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

2024 කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ පල කර ඇති කොරියානු EPS විභාගය සම්බන්ධ උපදෙස් විස්තර මත පමණක් පදනම්ව කටයුතු කරන ලෙස කාර්යාංශය පවසයි.

එහි පළකර ඇත්තේ අයදුම්පත්‍රයට අදාළ උපදෙස් පමණක් වන අතර නිල අයදුම් පත්‍රය පෙබරවාරි 26 සිට 29 දක්වා www.slbfe.lk හි පමණක් පළ කෙරේ.

වැඩි විස්තර 1989 අමතා ලබාගන්නා ලෙස ද කාර්යාංශය මහජනතාවට දැනුම්දෙයි.

වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න..


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *