ශ්‍රී ලංකාවේ IT-BPM අංශය සවිමත් කිරීමේ අරමුණින් EY GDS Sri Lanka සහ SLASSCOM අත්වැල් බැඳගනියි

ගෝලීය EY වෘත්තීය සේවා ජාලයේ කොටසක් වන, EY Global Delivery Services (EY GDS) Sri Lanka ආයතනය ශ්රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ තොරතුරු තාක්ෂණ කුසලතා සංචිතය පෝෂණය කිරීමේ අරමුණින් SLASSCOM හෙවත් ශ්රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය සංවිධාන කරන ‘Emerging Tech Webinar Series’ වෙබ් සම්මන්ත්රණ මාලාව සඳහා ප්ලැටිනම් අනුග්රහකත්වය දක්වයි. මෙම සහයෝගීතාවයේ ප්රධාන පරමාර්ථය වන්නේ ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙන යාමයි. ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය වාර්ෂිකව රැකියා අවස්ථා 20,000ක් පමණ නිර්මාණය කරන අතර, රටේ රාජ් හා පෞද්ගලික විශ්වවිද්යාලවලින් බිහිවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ගණන 10,000ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත. තොරතුරු තාක්ෂණ අංශයේ අවශ්යතා සපුරාලීම සඳහා ශ්රම බලකාය ප්රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩිදියුණු කිරීමේ අවශ්යතාවය මෙයින් පැහැදිලිව ඉස්මතුවේ. අනුව EY GDS Sri Lanka ආයතනය SLASSCOM ආයතනය සමග සාමුහිකව, IT-BPM කර්මාන්තයේ වෘත්තිකයන් සහ ශිෂ් ප්රජාව අතර පවතින දැනුම පරතරයට විසඳුම් සෙවීමට මෙම පියවර ගෙන ඇත.

‘Emerging Tech Webinar Series’ සම්මන්ත්රණ මාලාව සැලසුම් කර ඇත්තේ සහභාගිවන්නන්ගේ කුසලතා ඉහළ නැංවීමට සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු ලෙස ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ් දැනුම සහ මෙවලම් ඔවුන්ට ලබා දීම සඳහා . මෙම සැසි අන්තර්ජාලය හරහාල නොමිලේ පැවැත්වෙන අතර ක්ෂේත්රයේ නවතම ප්රවණතා සහ වර්ධනයන් පිළිබඳව මේ හරහා දැනුවත් කෙරේ. විවිධ ක්ෂේත්රවල කීර්තිමත් ජාත්යන්තර සහ දේශීය වෘත්තිකයින් පුළුල් පරාසයක මාතෘකා හරහා ඔවුන්ගේ වටිනා දැනු  අදහස් සහ අත්දැකීම් මෙම වැඩමුළු හරහා ඉදිරිපත් කරනු ඇත. කථිකයන් මෙම සැසිවලදී artificial intelligence, data analytics, augmented reality, virtual reality, Metaverse, Internet of Things (IoT), DevOps, agile methodologies, cloud migration strategies ඇතුළු මාතෘකා පෙළක් පිලිබඳ සාකච්ඡා කරනු ලබන අතර දැනට තොරතුරු තාක්ෂණ ආශ්රිත විශ්ව විද්යාල වැඩසටහන් හදාරන සිසුන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ විවිධ භූමිකාවන්හි සේවය කරන වෘත්තිකයන් මෙන්ම ක්ෂේත්රයේ රැඳී සිටීමට උනන්දුවක් දක්වන ඉහළ මට්ටමේ විධායකයින් ඇතුළු ශ්රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්රජාවට මේ හරහා විශාල ප්රතිලාභයක් ලැබෙනු ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් EY GDS Sri Lanka හි ආයතන ප්රධානී සමන්ත රාජපක්ෂ මහතා පැවසුවේ EY GDS Sri Lanka ආයතනය තොරතුරු තාක්ෂණ ක්ශේත්රයට චින්තනමය නායකත්වය ලබා දෙමින් එහි සමස්ත ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කැපවී සිටින බවයි. ශීඝ්රයෙන් වෙනස් වන තාක්ෂණික පරිසරය තුළ වෘත්තීන්වල නව ප්රවනතාවන්ට අනුවර්තනය වීමට හැකි වන පරිදි සිය ශ්රම බලකායේ කුසලතා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ආයතනය නිරතුරුවම පියවර ගන්නා බවද ඔහු ප්රකාශ කර සිටියේය. ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සහ ජාතියේ ඩිජිටල් ආර්ථිකය ප්රවර්ධනය කිරීම සඳහා වන සිය හවුල් මෙහෙවරේදී SLASSCOM සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන තමන් සතුටු වන බවත් සිය සාමූහික හැකියාවන්, සම්පත් ආදිය ප්රයෝජනයට ගනිමින්, මෙම වෙබ් සම්මන්ත්රණ මාලාව සඳහා පහසුකම් සැලසීම තුළින් ඊළඟ පරම්පරාව සවිබල ගැන්වීම සිය අරමුණ බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. රටවල් 10ක් පුරා නගර 21ක් පදනම් කරගනිමින් ව්යාප්තව ඇති EY GDS සේවා සැපයුම් මධ්යස්ථාන ජාලය තාක්ෂණික උපදේශකයින්ගේ සිට සුදුසුකම් ලත් ගණකාධිකාරීවරුන් දක්වා විවිධ වෘත්තීය අවස්ථා ලබා දෙන අතර EY GDS Sri Lanka විසින් EY වෘත්තීය සේවා ජාලයට, ආසියාපැසිෆික් කලාපීය මධ්යස්ථානයක් ලෙස කටයුතු කරයි. ප්රගතිශීලී වර්ධන සැලසුම් සමඟින්, අභියෝගාත්මක ආර්ථික තත්වයන් නොතකා, EY GDS Sri Lanka ආයතනය දේශීය වෘත්තිකයන් සිය ගණනකට වෘත්තීය අවස්ථා ලබා දීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *