ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පිල දිවයිනට

තරග සංචාරයක් සඳහා ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (30) දිවයිනට පැමිණීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 02 සිට ආරම්භ වීමට නියමිතය.

ඔවුන් මෙම තරග සංචාරය තුළදී ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03කට සහභාගී වීමට නියමිතය.

ටෙස්ට් තරගය අනිද්දා සිට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය පෙබරවාරි මස 09 වනදා ආරම්භ වීමට නියමිතය.

එම එක්දින තරග මහනුවරදී පැවැත්වීමට පසුව තීරණය කර ඇති අතර වසර කිහිපයකට පසුව විස්සයි විස්ස තරග තුනම දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.