තාක්‍ෂණය, ඉගැන්වීම් සහ ඉංජිනේරු මාර්ග පිළිබඳ සංවාදයකට එක් වෙමින් Curtin විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්වින් ශ්‍රී ලංකාවේ අනාගතයට සූදානම් වන අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටී:

කර්ටින් Colombo වෙත මෑතකදී කළ සංචාරයක් අතරතුර කර්ටින් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් හා ඉගැන්වීම් පිළිබඳ අන්තර්කාලීන පීඨාධිපති මහාචාර්ය ඩිම්පල් ක්වින් විසින් උසස් අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ ඇගේ ඉදිරිදර්ශනය ඉදිරිපත් කළාය. රැකියා භූමිකාවන් සහ කර්මාන්ත විෂයන් පරිවර්තනයට ලක් කරන තාක්‍ෂණය සමග ගණුදෙනු කිරීමට හැකි අයුරින් නවීන ඉගැන්වීම් ක්‍රම හා කුසලතා කේන්ද්‍ර කරගත් විෂයමාලා හැදෑරීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාවය ඇය මෙහිදී පැහැදිලි කළාය. සේවා නියුක්තිය වෙනුවෙන් කර්ටින් විශ්ව විද්‍යාලය සිය උපාධිධාරීන් සූදානම් කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව මහාචාර්ය ක්වින් තවදුරටත් පැහැදිලි කරන ලදි.

ප්‍ර: අධ්‍යාපනඥයින්, විශේෂයෙන්ම උසස් පාසල් ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉගැන්වීමේදී නවීන තාක්ෂණයන් අනුගමනය කිරීම කොතරම් වැදගත්ද?
AI සහ ශුද්ධ ශුන්‍ය විමෝචනය වෙත මාරුවීම වැනි දියුණු පියවරයන් හේතුවෙන් ලෝකය මූලික වශයෙන් වෙනස් වී තිබෙනවා. අධ්‍යාපනඥයින් වශයෙන්, වත්මන් උපාධිධාරීන්ගේ නිපුණතා ඉහළ නැංවීමට සහ අනාගත ලෝකයට සිසුන් සූදානම් කිරීමේ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. බලශක්ති සංක්‍රාන්තිය අධික ලෙස සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් බිඳ දමන නිසා සිසුන් ආරක්ෂිතව AI තාක්ෂණය හා සම්බන්ධ වීමට සහ අනුවර්තනය වීමට අවශ්‍ය හැකියාවන් ගොඩනගා ගත යුතුව තිබෙනවා. ඉදිරි දශකය හෝ දෙක තුළ අප මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීම සඳහා අපි ගෝලීය වශයෙන් එක්ව කටයුතු කළ යුතුයි.

ප්‍ර: ඉගැන්වීමේ අත්දැකීම වැඩි දියුණු කිරීමට හැකියාව ඇති අති නවීන ඉගැන්වීමේ උපාය මාර්ග පිළිබඳව ඔබට පැහැදිලි කළ හැකිද?

ගෝලීය මිණුම් අනුව ඉගැන්වීමේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම ආරම්භ කළ යුත්තේ සියලුම අධ්‍යයන මට්ටම්වල කාර්ය මණ්ඩලය පුහුණු කිරීම තුළිනුයි. ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනීම සඳහා තාක්‍ෂණය මිශ්‍ර කිරීම තුළින් තරුණයින් ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නන් බවට පත් කළ හැකියි. පන්තිකාමර ඩිජිටල් මෙවලම් වලින් සමන්විත යුතු අතර, සජීවී බව පවත්වා ගැනීම තුළින් සිසුන් පන්තිකාමරය තුළ උනන්දුවෙන් රඳවා ගත හැකියි. සිසුන්ට වඩාත්ම අවශ්‍ය දේවල් වටා ඉගැන්වීම නිර්මාණාත්මකව හැඩගස්වා ගැනීමට අධ්‍යාපනඥයින්ට සහාය වීම හරහා අනාගතයේ දී සිසුන් දිරිමත් කිරීමට උපකාරී වනවා.

ප්‍ර: උසස් පාසල් සහ උපාධි අපේක්ෂක සිසුන්ට නව තාක්‍ෂණය හරහා ගුරුවරුන් සහ කථිකාචාර්යවරුන් සමඟ ඔවුන්ගේ ඉගෙනීමේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට ක්‍රියාකාරීව දායක විය හැක්කේ කෙසේද?

කර්ටින් විශ්ව විද්‍යාලය සිසුන්ව ඔවුන්ගේ ඉගෙනුම් ගමනේ හිමිකාරිත්වය ගැනීමට උනන්දු කරනවා. මෙලෙස බලගැන්වීම පාසල් මට්ටමින් ආරම්භ වනවා. කෙසේ වෙතත්, වර්තමාන ඩිජිටල් ලෝකයේ සිසුන් පිළිබඳ අපට වගකීමක් තියෙනවා. අපි ඔවුන් සමඟ සම්බන්ධ වී, අදාළ විෂයමාලා සම-සංවර්ධනය කළ යුතු අතරම, බොහෝ කලකට පෙර අපගේම අධ්‍යාපනික අත්දැකීම්වලට වඩා බෙහෙවින් වෙනස් වූ මෙම පරම්පරාවේ අවශ්‍යතාවලට අනුගතව කටයුතු කළ යුතුයි. තාක්ෂණයට ආවේණික වූ ඔවුන්ගේ පරිසරය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. Zපරම්පරාව සඳහා, දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක් සහ අන්තර්ජාල ප්‍රවේශය තිබීම සාමාන්‍ය දෙයක්. ඔවුන් දැනුවත් කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම සහ මෙම ගමනට උපකාර කිරීම අත්‍යවශ්‍ය කැපවීමක් ලෙස අප සළකනවා.

ප්‍ර: ඉදිරි දශකය තුළ උපාධිධාරීන්ට අත්‍යවශ්‍ය වන කුසලතා සහ දැනුම කෙබඳුද ? සහ රැකියා වෙළඳපොලේ වෙනස්වන ඉල්ලීම් සපුරාලීම සඳහා ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලියට මේවා ඒකාබද්ධ කරන්නේ කෙසේද?

ඉදිරි දශකය තුළ, සියලු ක්ෂේත්‍රවල උපාධිධාරීන් සඳහා අත්‍යවශ්‍ය ශාස්ත්‍රීය කුසලතා ලෙස සැලකෙන්නේ ශාස්ත්‍රීය චින්තනය, ගැටළු විසඳීම, සාමූහිකව වැඩ කිරීම, සංවේදනය සහ ගෝලීය වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ආදියයි. තාක්‍ෂණයේ ව්‍යාප්තිය හරහා ප්‍රායෝගිකව ලෝකය සමීප කරනවා මේ තුළින් ජීවිත කාලය පුරාම ඉගෙනීමේ මනෝභාවයෙන්ගෙන් සිසුන් සන්නද්ධ කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් අවධාරණය කරනවා. ඒ නිසා ඔවුන්ගේ ඉගෙනීමේ ගමන විශ්ව විද්‍යාලයෙන් ඔබ්බට විහිදෙන බව අනිවායයෙන්ම කියන්න අවශ්‍යයයි. විශේෂයෙන් අනාගතයේ රැකියා නිර්මාණය වෙමින් පවතින කාලවකවානුවක කෙටි පාඨමාලා තවදුරටත් දිරිගැන්වීම වගේම අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සහ නිපුණතා නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම අවශ්‍ය බව අවබෝධ කර ගැනීම වැදගත්.

ප්‍ර: ඉන්ජිනේරු සහ ීඔෑඵ ක්ෂේත්‍රවලට ඇතුළත් වන කාන්තාවන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමේ ප්‍රවණතාව පිළිබඳ ඔබේ අදහස් මොනවාද?

ගෝලීය වශයෙන්, ඉංජිනේරු විද්‍යාව සැලකිය යුතු ස්ත්‍රී පුරුෂ විෂමතාවයකට මුහුන දෙනවා.ම විශේෂයෙන් ඕස්ටේ්‍රලියාවේ කාන්තා නියෝජනය 20%ටත් වඩා අඩුයි. STEM ක්ෂේත්‍රවල කාන්තාවන් වැඩි කළ යුතු බව රජය අවධාරණය කරනවා. ඊට හේතුව මම පෞද්ගලිකව රසායනික ඉංජිනේරුවෙකු ලෙස ජයග්‍රහණය කර තිබෙනවා. මම සම්බන්ධ වුණ සම්මානලාභී ප්‍රයත්නයක් වන Girls in Engineering Tomorrow වැඩසටහන ඇතුළු මුලපිරීම් හරහා, අපි ඉංජිනේරු විද්‍යාවට ඇතුළත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රවේශ මාර්ගය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරනවා. මම ඉංජිනේරු පාඨමාලා සඳහා ගැහැණු ළමයින් වැඩි වශයෙන් ඇතුළත් කිරීම සඳහා දැඩි ලෙස පෙනී සිටිනවා වගේම විශ්ව විද්‍යාල සහ කර්මාන්තය සමග සහයෝගයෙන් මෙම මාවත වැඩිදියුණු කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතු බව විශ්වාස කරනවා.

ප්‍ර: බටහිර ඕස්ටේ්‍රලියාවේ ඉංජිනේරුවන් සහ අනෙකුත් ආධාරක සේවා සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට Curtin විශ්ව විද්‍යාලය සක්‍රීයව දායක වන්නේ කෙසේද?

බටහිර ඕස්ටේ්‍රලියාවේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සියලුම විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගෙන් අඩක් පමණ කර්ටින් විශ්ව විද්‍යාලයෙහි සිටීම පිළිබඳ අප ආඩම්බර වනවා. අපගේ පතල් ඉංජිනේරු වැඩසටහන ගෝලීය වශයෙන් දෙවන හොඳම වැඩසටහන ලෙස ශ්‍රේණිගත කිරීමත් සමග ඉංජිනේරු සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල අපගේ කීර්තිය හොඳින් තහවුරු වී තිබෙනවා. අපගේ බොහෝ ඉංජිනේරු පාඨමාලා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ලබනවා.Curtin මෙම ක්ෂේත්‍රය ගැන ආඩම්බර වන අතරම අපගේ ඉංජිනේරු පාඨමාලා ඉදිරි දශකය සඳහා උපාධිධාරීන් ඵලදායි ලෙස සූදානම් කිරීම සහතික කිරීමට අපගේ පීඨය අපගේ ගෝලීය මණ්ඩප හරහා පුළුල් සහයෝගයකින් කටයුතු කරනවා.

ප්‍ර: විශේෂයෙන් Curtin Colombo හරහා ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා ලබා ගත හැකි ඉංජිනේරු අධ්‍යයන අවස්ථාවන් මොනවාද?

Curtin හිදී සිසුන්ට ඔවුන්ගේ උපාධි අපේක්ෂක ගමන බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව තිබෙනවා. Curtin Colombo විසින් අපගේ අනෙකුත් විශ්ව විද්‍යාල සමඟ සහයෝගයෙන් විවිධ ඉංජිනේරු පාඨමාලා පිරිනමනවා. ඕස්ටේ්‍රලියාවේ ඉංජිනේරුවන් විසින් සම්පුර්ණයෙන්ම පිළිගෙන ඇති අතර, ඔවුන් වොෂින්ටන් ගිවිසුම හරහා ගෝලීය වශයෙන් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව, නම්‍යශීලී ඉගෙනුම් අවස්ථාවන් සපයන Curtin Colombo සතුව පරිගණක සහ ව්‍යාපාර පරිපාලන පාඨමාලා තිබෙනවා. ඉංජිනේරු පාඨමාලා සඳහා, Curtin Colombo සුවිශේෂී මාර්ගයක් ඉදිරිපත් කරනවා: සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන ගමනේදී නම්‍යශීලී බවක් ලබා දෙමින්, පර්ත් වෙත මාරුවීමට හෝ සම්පූර්ණයෙන්ම කොළඹින් උපාධිය දිගටම කරගෙන යාමට තෝරා ගැනීමට අවස්ථාව හිමි වන අතරම ඊට පෙර සිසුන්ට දේශීයව ඉංජිනේරු පාඨමාලවේ මූලික වසර භාර ගත හැකියි.
විමසීම් සහ ලියාපදිංචි කිරීම් සඳහා, සිසුන්ට www.curtincolombo.lk වෙත පිවිසීමට හෝ විද්‍යුත් තැපෑලෙන්: inquiries@curtincolombo.lk හෝ දුරකථනයෙන්: 076 555 8989 හරහා ශිෂ්‍ය බඳවා ගැනීමේ කණ්ඩායම හා සම්බන්ධ විය හැකිය.
Curtin Colombo හි දී, අපි සිසුන් හැඩගස්වා ගැනීමට පමණක් සීමා නොවී එකිනෙක සම්බන්ධ වූ ලෝකයක වෙනසක් සිදු කිරීමට සූදානම් ගෝලීය පුරවැසියන් හැඩගස්වන්නෙමු. අප හා එක් වී ඔබේ නිම් වළලු පුළුල් කරගනිමින් ඔබේ ජීවිතයද වෙනස් කරන ගමනක් යන්න.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *