ලංකා සතොස පාරිභෝගිකයින්ට අලුත් ක්ෂණික ඇමතුම් අංකයක්

දිවයිනේ ප්‍රමුඛතම සහ රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළෙඳ සැල් ජාලය වන ලංකා සතොස විසින් සිය පාරිභෝගිකයින් උදෙසා නව ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
1998 එම නව ක්ෂණික ඇමතුම් අංකයයි. මේ හරහා සිය පාරිභෝගිකයින් හට යෝජනා, අදහස්, විමසීම් මෙන්ම පැමිණිලි ද ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.
දිවයින පුරා සිටින ඕනෑම ලංකා සතොස පාරිභෝගිකයකු හට ලංකා සතොස හා සම්බන්ධ වීමට මේ මගින් ඉඩකඩ සැලසෙනවා.
මෙම ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන යෝජනා, අදහස්, විමසීම් හා පැමිණිලි පිළිබඳව ඉතා ඉහළ ප්‍රමුඛතාවකින් යුතුව කටයුතු කරන බව ලංකා සතොස අලෙවි ප්‍රධානි සවන් කාරියවසම් මහතා පවසනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *