සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි තීරණයක

සිය ගැටලු සම්බන්ධයෙන් රජය සමග සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සැලසුම්කළ පරිදි පැය 24ක සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තීය සමිති නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව අද පෙරවරු 6.30ට ආරම්භ කළ සෞඛ්‍ය වර්ජනය හෙට පෙරවරු 6.30 දක්වා පවත්වනු ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *