ශ්‍රී ලංකාවට සංචාරක කෂේත්‍රය තුල ජාත්‍යන්තර ඇගයීමක්

තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ 2024 වසර සඳහා ය.

”ෆ්ලෑෂ් පැක්” සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුව ”ෆෝබ්ස් ” ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර තිබේ.

ජපානය,ආජන්ටිනාව සහ ඊජිප්තුව එහි මුල් රටවල් ය.

දුෂ්කර කාලයක් පසු කරමින් මේ වනවිට ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණෙමින් සිටින බව එම වෙබ් අවඩිය පවසයි.

2023 වසරේ විදේශ සංචාරකයින් 1,487,303ක් මෙරටට පැමිණ තිබෙන අතර එමගින් පසුගිය වසරේදී මෙරට උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,068කි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *