ආපදා දුක ජනපතිට.

President of Sri Lanka Maithripala Sirisena

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව කිසිදු රාජ්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂාවට ලක්නොවුණු ස්ථාන තිබේනම් “ජනපතිට කියන්න”වැඩසටහනට දැනුම්දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව 1919 දුරකථන අංකය ඔස්සේ ජනාධිපතිවරයාට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මේ අවස්ථාවේ සිට එම තොරතුරු ලබාගැනීමට නියමිත බවත්,ජනාධිපති ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීමෙන් ඒ පිළිබඳ වහාම සොයා බලා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *