පපුවට ගහගන්න අය කරපු දේ දන්නවා- ජනපති කියයි.

President of Sri Lanka Maithripala Sirisena

“මෑතදී කොළඹට රැස්‌වුණු පිරිසක්‌ රට පාලනය කිරීමේ බලය ඒගොල්ලන්ට දුන්නොත් හොඳට කරන බව කිව්වා. මේ කට්‌ටිය හොඳට කළ හැටි රට හොඳටම දන්නවා. ඔය වේදිකාවලට නැග පපුවට අත් දෙක ගසාගෙන රට පාලනය කරන්න ඉල්ලන අය කවුදැයි අපි දන්නවා. ඔවුන් සමඟ මා වැඩ කර තිබෙනවා. ඔවුන් සමඟ වැඩ කිරීමට බැරිම තැන මම එළියට ආවා. රට ඒගොල්ලන්ට දෙන්නැයි කියන අය රටට කළ දේ කවුරුත් දන්නවා” යෑයි ජනපති මෙත්‍රිපාල සිරිසේන මහතා අක්‌කරෙයිපත්තුවේ පැවති ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ සංවත්සර උත්සවයේදී පැවසීය.

“ඔය පිට්‌ටනි ගානේ ගිහින් පපුවට ගහගෙන බලය ඉල්ලන අයට මම කියන්න කැමැතියි මේ රජය අවුරුදු පහම හොඳට රට කරවන බව. අපේ මවුබිම හොඳට රැකගන්නා බව. මුළු ලෝකයේම සහායෙන් රට දියුණු කරන බව. එදා සතුරුව සිටි රටවල් අද අපේ මිතුරෝ. මේ මිතුරු රටවල් අපට උදව් කරන විට පරණ කට්‌ටිය කියන්නේ අපේ රට අහවල් රටට විකුණනවා, උගස්‌ තියනවා වැනි අවලාදයි. අපේ මවුබිම කිසිම රටකට පාවා දෙන්නේවත් ඒ රටවල් කියන විදියට අප නටන්නේවත් නැති බව ඔය කට්‌ටියට කියන්න මම කැමතියි” යෑයි ද ජනපතිවරයා කීවේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම උත්සවයේ විශේෂ ආරාධිතයෙක්‌ විය.

දිවයින පුවත්පතින්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *