මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.

Sri Lankan opposition legislator Ravi Ka

ශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති මෙතෙක් ගෙවා නොමැති තවත් මහාපරිමාණ ණයක් පිළිබඳ මුදල් අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේදී මෙම ණය ලබාගෙන ඇති බවයි.

“අපි අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදිත් නැති වියදම් අද හෙළිදරව් වෙලා තියෙනවා. 2014 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අද ඇස්තමේන්තු කරලා තියෙන ආකාරයට අද වෙනතුරු ගෙවලා නැති තත්වය බිලියන් 1146යි.

ඒකට අද ඒස් බී දිසානායකගේ අමාත්‍යංශයෙන් අපට ලිපියක් එවනවා තව ගෙවන්න තියෙන එකක් මිලියන් 5423ක් . ඒ කියන්නේ බිලියන් 5.4ක්. දැන් මේක නොදැනුවත්කම කොතරම් අමාරුද කියලා දැනගත්තාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පිළිගත්තා ඒගොල්ලන්ටත් කොලේ වහලා පෙන්නලා නැති ණය බරතාවයක් දැන් තිබෙනවා කියලා”.

මෙම ණය ලබාගැනීම සම්බන්ධයෙන් සහ ඒ බව රජයේ ගිණුම්වල පැහැදිලිව සඳහන් නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුදැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කර සිටියා.

“එදා හිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති මහින්ද රාජපක්ෂ, ආර්ථික ඇමති බැසිල් රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ලේකම් පී.බී ජයසුන්දර. මහබැංකුවේ අධිපති නිවාඩ් කබ්රාල්. මේ 08 දෙනාගෙන් තමයි වුණේ”. යැයි අමාත්‍යවරයා එහිදී පැවසුවා.

තමන් වෙත ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ඉදිරියේදී කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවද මෙම ණය ගෙවීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹිය හැක්කේ ඉන් අනතුරුව බවද අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවා.