නිවාඩු දින තුනේ දක්‍ෂිණ අධිවේගයෙන් කෝටි 5 ක ආදායමක්‌.

highway7

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයෙන් පසුගිය 24, 25, 26 යන දින තුනේ රුපියල් කෝටි පහක පමණ ආදායමක්‌ ලැබී ඇත.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 100 ක්‌ – 110 ක්‌ පමණ වන අතර පසුගිය දින තුනේදී දෛනික ආදායම ලක්‍ෂ 150-160 ඉක්‌මවා ගොස්‌ ඇතැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂ එස්‌. ඕපනායක මහතා “දිවයින” ට ඊයේ (27 වැනිදා) පැවසීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගය කොට්‌ටාවේ සිට කඩවත පිවිසුම් මාර්ගය දක්‌වා දීර්ඝ කිරීම නිසා වාහන ගමනාගමනයේ වර්ධනයක්‌ ඇති වී තිබෙන බවත් එම හේතුව නිසා පසුගිය 24 දා දක්‍ෂිණ මාර්ගයේ ගොඩගම පිවිසුමේ අධික මාර්ග තදබදයක්‌ පැවති බවත් ඒ මහතා කීය.

කෙසේ වෙතත් නත්තල් නිවාඩු සමය අවසන්ව ඊයේ (27 වැනිදා) සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර කොළඹට පැමිණෙන වාහනවලට බාධාවකින් තොරව පිවිසුම්වලින් පිටවීමට අවශ්‍ය රථවාහන සැලැස්‌ම රථවාහන පොලිසිය සමඟ එක්‌ව සැලසුම් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කීය.

ඒ අනුව ඊයේ දහවල් 2.00 පමණ සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන තදබදයක්‌ වාර්තා වී නොතිබූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *