කුරුණෑගල මහින්දට.

Mahinda_1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගලින් තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ඒ පිළිබඳව නාරාහේන්පිට අභයාරාමයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශද තහවුරු කළා.

මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් කිරීම අද දිනයේ ආරම්භ කර තිබේ.

මහවැලි කේන්ද්‍රයේදී නාමයෝජනා අත්සන් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළේය.