මැතිවරණ පැමිණිලි මෙතෙන්ට කියන්න

mahinda deshapriya

මහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි විමර්ශන ඒකකය හෙට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඊයේ (30) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ දිස්ත්‍රික් වශයෙන් පැමිණිලි භාර ගැනීමේ කාර්යාල ලබන 6 වැනිදා ආරම්භ කරන බවයි.