අගමැතිතුමන්ගේ යාපනය සංචාරය.

333456778888999

මේ වනවිට යාපනය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක් ඊයේ දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික් කාන්තා ගෘහ මූලික සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රශ්න,  පුනරුත්තාපනය වූ තරුණ තරුණියන්ගේ සුභ සාධන කටයුතු සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රජාව හමුවී සාකච්ඡා කළේය.

මීට අමතරව පලාලි ගුවන් හමුදා මුලස්ථානය මෙන්ම නාවික හමුදා මුලස්ථානයද නිරීක්ෂණ චාරිකාවකටද  ඩෙල්ෆ් දුපතේ සංචාරයකට ද අග්‍රාමාත්‍යවරයා එක්වන බව අගමැති කාර්යාලය සදහන් කරයි.

උතුරේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද එම පළාතේ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් හමුවනවා.යාපනයේ සිවිල් කි‍්‍රයාකාරකයින් ද හමුවීමට අග‍්‍රාමාත්‍යවරයා සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරයේ පළමු දිනය වූ ඊයේ අග‍්‍රාමාත්‍යවරයා යාපනය නාගදීප විහාරය ද වැඳ පුදා ගත්තා.

33345677888899999 44556578896786887