ගම්මන්පිලගේ තිරණය ප්‍රතිපත්තිමය තිරණයක්… පාඨලී කියයි.

champika-ranawaka-udaya-gammanpila

ගම්මන්පිලගේ තීරණය තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහු දක්ශ දේශපාලකයෙක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

“එතුමා යන්න තීරණය කරලා තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ගම්මන්පිල මහත්තයා කියන්නේ දක්ෂ දේශපාලකයෙක්. එතුමාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය තුළ ගිය ගමන ගැන. එතුමන්ගේ ක්‍රියාදාමය අවසාන වශයෙන් තීරණය කරන්නේ ජනතාවයි.

ඒ නිසා ජනතාව ඒ ගැන තීරණයක් දෙයි. කොහොම හරි එතුමා තීරණයක් අරන් තියෙනවා. ඒක අපිට, පාක්ෂිකයන්ට කනගාටුවක් සන්තාපයක් තියෙනවා. නමුත් එතුමාගේ තීරණය පිළිබඳව අවසාන වශයෙන් තීන්දු කරන්නේ ජනතාවයි.” යැයි හෙතෙම පැවැසීය.