පඹයන් බලයට පත් කිරිම අරමුණයි: ජනපති/Attempts to destabilise developing countries: President

mahinda-rajapaksa-sri-lan-006

පඹයන් බලයට පත් කිරිම අරමුණයි: ජනපති/Attempts to destabilise developing countries: President

ජාතික හැඟිමෙන් ගොඩනගමින් සිටින රටවල් බිඳ දැමීමට ලොව බලවතුන් උත්සහයක නිතර වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
ජනාධිපතිතුමන් මේ බව පැවසුවේ මහින්ද චින්තනයෙන් ගොවිකම පෙරටම යන මැයෙන් අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබු කෘෂි නිලධාරීන්ගේ හමුවකට එක්වෙමිනි.
එම හමුවේදී අදහස් දක්වමින් ජනාධිපතිතුමන් පවසා සිටියේ එම උදවිය අවශ්‍ය වී ඇත්තේ රටේ ජාතික හැඟීම් බිඳ දමා වහල් සමාජයක් ගොඩනගන පඹයන් බලයට පත් කරගැනීමටය.
කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කෘෂි විද්‍යාඥයින් තිදෙනෙකුට ජනාධිපතිවරයා අතින් සම්මාන පිරිනැමුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
රටේ කෘෂිකර්මාන්තය නංවාලීමට ගෙන යන වැඩපිළිවෙළට ප්‍රණාමය පුදකරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ද කෘෂි නිලධරීන් විසින් උපහාර තිළිණයක් පිරිනමා තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්යක්ම නියෝජනය කරමින් කෘෂි නිලධාරීන් 5000කට අධික පිරිසක් මෙම හමුවට එක්ව සිටියේය.

President Mahinda Rajapaksa stated that certain world powers want to dismantle countries that are rebuilding with nationalistic feelings.
The President stated that such countries want to destroy the nationalistic feelings and instead build a society of slavery.President Mahinda Rajapaksa expressed these views at a meeting held at Temple Trees yesterday with Agricultural officials.