ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද සවස ආරම්භ වූ පසුව තරග කළ එක් පක්ෂයකින් 5දෙනකුට පමණක් ඡන්ද ගණන් කිරීමේ ස්ථානයට ඇතුළුවීමට මැතිවරණ කොමසාරිස්වරයා අවසර දී තිබේ.
ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 834ක දී සිදු කෙරේ. ඌව පළාත් සභා මැතිවරණයට දේශපාලන පක්ෂ 14කින් හා ස්වාධීන කණ්ඩායම් 11කින් අපේක්ෂකයන් 617දෙනකු තරග කරන අතර ඉන් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක් ඇතුළුව මන්ත්‍රීවරුන් 34දෙනකු පළාත් සභාවට තෝරා ගැනීමට නියමිතය.
ඡන්ද පෙට්ටි සියල්ල ඊයේ (19 වැනිදා) පෙරවරුවේ මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික් කච්ෙච්රිවල සිට අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන ගිය අතර මෙම කටයුතු නිරීක්ෂණය කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරතව සිටී.
මොනරාගල දිස්ත්‍රික්කය බිබිල, වැල්ලවාය හා මොනරාගල යන ආසන තුනෙන් සමන්විත වන අතර එහි ඡන්දදායක සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්දෙදහස් හත්සිය හැටහතරකි. දේශපාලන පක්ෂ 12 කින් හා ස්වාධීන කණ්ඩායම් 07 කින් අපේක්ෂකයන් 323 දෙනකු මොනරාගල දිස්ත්‍රික්කයට තරග කරන අතර ඉන් 14 දෙනකු තෝරා පත්කර ගනු ලැබෙති. එම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 318 ක් පිහිටුවා තිබේ.
මහියංගනය, වියලුව, පස්සර, බදුල්ල, හාලිඇල, ඌව පරණගම, වැලිමඩ, බණ්ඩාරවෙල හා හපුතලේ යන ඡන්ද කොට්ඨාසවලින් සමන්විත බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව හයලක්ෂ නවදාස් නවසිය හැටහයකි. දේශපාලන පක්ෂ 10 කින් හා ස්වාධීන කණ්ඩායම් 4 කින් අපේක්ෂකයන් 294 දෙනකු තරග කරන අතර ඉන් 18 දෙනෙක් තෝරා පත්කර ගැනෙති.
අද පෙරවරු 7.00 ට ඡන්ද විමසීම ආරම්භ කරන අතර ඉන් පසුව සවස 4.00 ට පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ නිලධාරීන් ඉදිරියේ ඡන්ද පෙට්ටි මුද්‍රඩ් තබා විශේෂ ආරක්ෂිත ඇසුරුම්වල බහා පොලිස් රැකවරණ මත ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා එම පෙට්ටි ගෙන යනු ලබයි.
සියලුම ඡන්ද පෙට්ටි ලැබීමෙන් පසුව මුලින්ම සවස 6.00 ට පමණ තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වෙයි. ආසන මට්ටමින් ඡන්ද ගණන් කිරීම රාත්‍රි 8.00 ට පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් කලබලකාරී වාතාවරණයක් ඇති නොවුණහොත් හෙට (21 දා) උදෑසන වන විට ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට හැකිවනු ඇති බවත් මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද (20 දා) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට මැතිවරණ කාර්යාලය අපේක්ෂා කරයි.
Leave a Reply