Tag: news

  • ඉන්ධන නැතුව බස් සහ ත්‍රීරෝද රථ ධාවනයට ගැටළු

    ඉන්ධන හිඟය හේතුවෙන් බස් ධාවනයට  ද  අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.  එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා බස් හිමියන්ට වෙනත් ප්‍රදේශවලට යාමට සිදුව ඇති බවයි.  පෞද්ගලික බස් කර්මාන්තකරුවන් තවත් ගැටළු රැසකට මුහුණපා සිටින බවත් ඊට විසදුම් ඉල්ලා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ…

  • හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

  • ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 17 වන විශ්වවිද්‍යාලය වව්නියාවේදී විවෘත වෙයි.

    වව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. යාපනය විශ්වවිද්‍යාලයේ – වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් වසරේ ජූනි 08 වනදායි. විශ්වවිද්‍යාල පාලක සභාව පැවසුවේ වව්නියාව විශ්වවිද්‍යාලය මෙරට 17 වන විශ්වවිද්‍යාලය බවයි.

  • අද දිනයේ සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්!

    අද දිනයේ සිට ජනවාරි මස 31 වෙනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% කට අවසර හිමිව ඇත. එළිමහන් ස්ථාන විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් උචිත බවයි නව…

  • අසිරිමත් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොහොය අදයි! ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමගුල සමරන්නැයි ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්! අන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්,යහපැවැත්මත් උදෙසා කැපවෙමු!ජනපති සහ අගමැතිගේ වෙසක් දින පණිවිඩය.

    සම්බුදු තෙමගුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සම්බුද්ධ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්. සමස්ථ ලෝකය පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක්…

  • විජයග්‍රහණය සමරමින් මහින්ද පාර්ලිමෙන්තුව අමතයි.

    අද සුවිශේෂී දවසක්. අපි තිස් වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර දොළහක් සම්පූර්ණ වෙනවා.2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි, මේ මුළු රටේ ම ජනතාව ජාතික ධජය අරන් පාරට බැහැලා තමන්ගේ සතුට එදා ප්‍රකාශ කළ හැටි. ඒ ජයග්‍රහණය රටේ එක කොටසක් විතරක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. එදා ත්‍රස්තවාදීන් මිනිස් පළිහක් විදියට යොදා ගත්ත ලක්ෂ…

  • මහින්ද අගමැති ‌ලෙස දිවුරුම් දෙයි

    මහින්ද අගමැති ‌ලෙස දිවුරුම් දෙයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.යහපාලන රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය ඉවත් වීමටත් කටයුතු කෙරිණි. ජනපති ලේකම් කාර්යාලයේදි අද සවස මෙම දිවුරුම් දීම සිදුවිය.

  • ඉතිහාසයේ ලොකුම අල්ලස.

    ඉතිහාසයේ ලොකුම අල්ලස.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…

  • කොදෙව්වන් සටන අරඹයි.

    කොදෙව්වන් සටන අරඹයි.

    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 66 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 418 ක්…

  • මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

    මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

    බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය ඒකකයේ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතුව මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි. එකී නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතළ වංචා හා…