Tag: featured

  • කාලගුණයෙන් හදිසියේම රතු නිවේදනයක්

    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සැලකිලිමත් වන ලෙසය. මෙම පද්ධතිය…

  • 15 හැවිරිදි දැරියක් ව පැහැරගනී

    15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා විය. සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළාය. 15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය  දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටියාය. ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත්…

  • අමාත්‍ය මණ්ඩලය ජනපතිගෙන් කළ විශේෂ ඉල්ලීම

    මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. මැයි 9 අරගලයට අදට (09) වසරක් සැපිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ…

  • කළුතර සිසුවියගේ මරණය : පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට

    කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත් වුණේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය. මෙම සිද්ධියට…

  • පාසල් සිසුවියගේ මරණයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

    අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ව බවය. මීට පෙර එම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ඇය සමග හෝටලය වෙත පැමිණි යුවළද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් තිදෙනාම ඊයේ (07) අධිකරණයට…

  • මහින්දට සහ බැසිල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

    හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ. එම පෙත්සම අද (08) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා…

  • තරුණ යුවළක් දියේ ගිලෙයි

    විවාහ වීමට සිටින යුවළක් අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ. ඔවුන් ඊයේ (07) දී ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ, වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් බව පොලීසිය පවසයි. එසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 19 හැවිරිදි කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන්…

  • දිවයින පුරා දන්සැල් 7,160 ක්

    එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මෙම දන්සැල් පරීක්ෂා කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් සේවයේ යොදවා ඇති බවයි. බැතිමතුන්ට අහිතකර ආහාර පාන ලබා දෙන දන්සැල් වන්නේ නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ශ්‍රී…

  • රට රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කතුන් දෙදෙනෙක් දැලේ

    විදෙස් රැකියාවක් ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, එම සැකකාරියන් දෙදෙනා කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබා ‍දෙන පවසා රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කර ඇති බව ය. මේ සම්බන්ධයෙන් මන්නාරම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා ඊයේ (මැයි…

  • නව ඩෙංගු ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

    රට තුළ පැතිර යන නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා…