Category: Sports News

  • කඩුළු 09 ක ජයක් සමග ශ්‍රී ලංකාවට තරගාවලි ජය

    කඩුළු 09 ක ජයක් සමග ශ්‍රී ලංකාවට තරගාවලි ජය

    ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර 03 වන සහ අවසන් 20 -20 තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.එය කඩුළු 09 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.සිම්බාබ්වේ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දුවාර 14 යි එක් පන්දුවක්…

  • දෙවැනි 20-20 තරගය සිම්බාබ්වේ ජය ගනී

    දෙවැනි 20-20 තරගය සිම්බාබ්වේ ජය ගනී

    අද (16) පැවැති ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන 20-20 තරගය කඩුළු 04 කින් ජය ගන්නට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 173 ක ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 69 යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවීලකුණු 66 යි.පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 05 ක දී කඩුළු…

  • මෙසී මෙවරත් හොඳම ක්‍රීඩකයා වෙයි

    මෙසී මෙවරත් හොඳම ක්‍රීඩකයා වෙයි

    2023 වසර සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී ව තෝරා ගෙන තිබේ. ඔහු මෙම සම්මානය දිනාගත්තේ තුන් වන වරට ය. මීට පෙර 2019 සහ 2022 වසර වලදී ඔහු එය දිනාගෙන තිබුණි.

  • පළමු 20 -20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 03 ක ජයක්

    පළමු 20 -20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 03 ක ජයක්

    සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 කින් ජයගැනීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ද රැස්කරගත්තේය.දසුන් ශානක පන්දු 18කදී ලකුණු 26ක් රැස්කර ගත්තේය. සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුළු 5 කට ලකුණු 142 ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144 ක්…

  • ෂෝන් මාෂ් සමුගනී

    ෂෝන් මාෂ් සමුගනී

    ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් මාෂ් වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ දිනවල ඔහු BBL තරගාවලියට සහභාගී වෙමින් සිටිනවා. එහි Sydney Thunder සමග පැවැත්වෙන තරගය සිය අවසන් ක්‍රිකට් තරගය බව ෂෝන් මාෂ් නිවේදනය කර තිබෙනවා. BBL තරගාවලියේ Melbourne Stars කණ්ඩායම සමග ඊයේ (13) වනදා පැවති තරගයේ වීරයා වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය…

  • සිම්බාබ්වේ ශ්‍රි ලංකා පළමු 20 – 20 තරඟය අද

    සිම්බාබ්වේ ශ්‍රි ලංකා පළමු 20 – 20 තරඟය අද

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (14) සවස 7.00 ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි. උප නායක ලෙස චරිත අසලංක කටයුතු කරනු ඇත. දෙරට අතර විස්සයි විස්ස තරග 03ක් පැවැත්වීමට නියමිතව තිබේ. 20 -20 සඳහා වූ ශ්‍රී ලංකා…

  • ක්‍රීඩා ඇමැති සහ ICC ප්‍රධාන විධායක නිලධාරි අතර හමුවක්

    ක්‍රීඩා ඇමැති සහ ICC ප්‍රධාන විධායක නිලධාරි අතර හමුවක්

    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් අතර හමුවක් සිදුවී තිබෙනවා. ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි .

  • හෙට තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ

    හෙට තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ

    සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තුන්වන සහ අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව ප්‍රේක්ෂකාගාරයේ සී හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන මෙලෙස ප්‍රේක්ෂකයන්ට විවෘත වනවා. ක්‍රීඩාංගණයේ ප්‍රවේශ දොරටු ප්‍රේක්ෂකයන් සඳහා පස්වරු 01 ට විවෘත කිරීමට නියමිතයි.

  • ටෙස්ට් නායකත්වය ධනංජයට

    ටෙස්ට් නායකත්වය ධනංජයට

    ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්කළ බව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. එක්දින පිලේ නායක කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වයට පත්කළ බවත් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී එම දෙපළ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන බවත්…