Category: Local News

  • පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය

    පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය

    රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර නොමිලේ දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල් කෝටි 1600 ක් වැය කරන බව කී අමාත්‍යවරයා දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිකත බව ද සඳහන් කළේය

  • සෞඛ්‍ය වැඩ වර්ජනය දිගටම

    සෞඛ්‍ය වැඩ වර්ජනය දිගටම

    අද උදෑසන 6.30ට ආරම්භ කර සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව හෙට දිනයේත් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් එක්ව ආරම්භ කළ වැඩ වර්ජනයෙන් අද දිනයේ ද රෝහල් කටයුතු අඩපණ විය ඉන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර රෝහල් කටයුතු අඛණ්ඩව…

  • ICC මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

    ICC මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එය එළඹෙන ජුලි මස 19 සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

  • බස් ගාස්තු ඉහල දැමීමට බස් සංගම් සැරසේ..

    බස් ගාස්තු ඉහල දැමීමට බස් සංගම් සැරසේ..

    බස් සංගම්වල ඉල්ලීම්වලට විසදුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුල බස් ගාස්තු සීයයට 10කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ගැමුණු විජේරත්න අද (01) පැවසීය. ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමුවත් අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වන බව ලංකා බස්රථ හිමියන්ගේ සභාාපති ගැමුණු විජේරත්න විශේෂ මාධ්‍ය හමුවක්…

  • රෝහල් කටයුතු සඳහා හමුදාව කැඳවයි

    රෝහල් කටයුතු සඳහා හමුදාව කැඳවයි

    රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටී. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟ හැරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇත.

  • ජනවාරියේ පැමිණි සංචාරකයින් ලක්ෂ දෙක ඉක්මවයි

    ජනවාරියේ පැමිණි සංචාරකයින් ලක්ෂ දෙක ඉක්මවයි

    මේ වසරේ ජනවාරි මාසය තුළ ද දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට 30 වන දින දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 201,687 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ. ඉන් බහුතරය ඉන්දීය ජාතිකයින් වන අතර රුසියාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයින්…

  • පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට 

    පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට 

    ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහළ දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි. එම සංගමයේ සාමාජිකයින් පැවසුවේ 10%කින් සහ 15%කින් මෙම ගාස්තු වැඩි කිරීම සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

  • ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

    ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන් තැබුවේය. ඒ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි. මෙම පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.

  • දයා රත්නායක දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂයට ?

    දයා රත්නායක දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂයට ?

    පසුගිය දා සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක අද මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. ජෙනරාල් දයා රත්නායක සජබ ට එකතුවීම පිළිබඳව සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් අකමැත්ත ප්‍රකාශ කර ජෙනරාල් දයා රත්නායක ව දැඩි ලෙස විවේචනය කර…

  • ප්‍රදේශ කිහිපයකට වැසි

    ප්‍රදේශ කිහිපයකට වැසි

    නැගෙනහිර සහ ඌව පළාත්වලත, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.