Author: Pushpakumara Samarawickrema

  • පළාත් කිහිපයකට වැසි

    පළාත් කිහිපයකට වැසි

    අදත් (10) උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

  • මිලියන 25 ක කොකේන් වැල්ලවත්තෙන් සොයා ගනී

    මිලියන 25 ක කොකේන් වැල්ලවත්තෙන් සොයා ගනී

    වැල්ලවත්තෙදි කොකේන් කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් සමග පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කොකේන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 25ක් බව පොලීසිය පවසයි. වැල්ලවත්ත ෆෙඩ්‍රිකා පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

  • චමින්ද වෙනුවට නයන

    චමින්ද වෙනුවට නයන

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වීමට නියමිතයි. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින්බදුල්ල දිස්ත්‍රික්කයෙන් මනාප 31,307ක් හිමිකරගෙන තිබේ.

  • චමින්ද විජේසිරි මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    චමින්ද විජේසිරි මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.ඔහු අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම් දුන්නේය. තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාර දුන් බවද පැවසූ ඔහු ජනතාව කැමති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මැතිවරණයක් තබන්නයි ඉල්ලා සිටින බවද කියා සිටියේය.

  • ඇමැතියි සභාපතියි එකතුවෙලා සතොස ට කරපු දේ මෙන්න

    ඇමැතියි සභාපතියි එකතුවෙලා සතොස ට කරපු දේ මෙන්න

    ලංකා සතොස ආයතනය වසර 10 කට පසුව 2023 වසර සඳහා රුපියල් මිලියන 200 කට අධික ලාභයක් ලබා ඇතිබව ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු  මහතා අමාත්‍යාංශය භාරගත් අවස්ථාවේදී ලංකා සතොස ආයතනය   පාඩු ලබන ආයතනයක් ලෙස පැවතුනි. පසුගිය අසීරුම සමයේ අමාත්‍යවරයා විසින් ලංකා සතොස සභාපති වරයා ලෙස පසඳ යාපා…

  • සජබ කළු අඳියි

    සජබ කළු අඳියි

    අද පෙරවරුවේ නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ අතර ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය. රජය විසින් සියයට 18ක් දක්වා වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා මෙලෙස සජබ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ…

  • නව වසරේ පළමු පාර්ලිමේන්තුව අද

    නව වසරේ පළමු පාර්ලිමේන්තුව අද

    2024 වසරේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය අද ආරම්භ වෙයි. ඒ අනුව අද සිට ලබන 12 වනදා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වීමට නියමිතය. අද පෙරවරු9.30 සිට පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙන අතර ඉන් අනතුරුව ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර…

  • ටින් අංකය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ?

    ටින් අංකය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ?

    වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට බදු ලියාපදිංචි අංකය හෙවත් ටින් අංකය පහසුවෙන් ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. එම ටින් අංකය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනතාවට ලබා ගැනීමට අදාළ අවසන් සාකච්ඡාව අද (09) අවසන් කරන බව ඔහු කියා සිටියේ ය.

  • වැස්ස වැඩිවෙයි

    වැස්ස වැඩිවෙයි

    උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (09) සහ හෙට (10) දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…

  • Hayleys Lifesciences නවතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වා දෙයි

    Hayleys Lifesciences නවතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වා දෙයි

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ, ශල්‍ය හා විකිරණ උපකරණ සැපයුම්කරුවෙකු වන Hayleys Lifesciences මුත්‍රා ගල් ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින් නවීනතම Dornier Medilas H140 තාක්ෂණය මෙරටට හඳුන්වාදෙන ලදී. මෙම තාක්ෂණය මඟින් වකුගඩු රෝගීන්ගේ ඉහළ ව්‍යාප්තියක් මෙන්ම උසස් ප්‍රතිකාර පහසුකම් හිඟයක් පවතින වර්තමාන තත්ත්වය වෙනුවෙන් විසඳුම් සැපයීම අරමුණු කරගනු ලබයි. Dornier MedTech…