Author: Pushpakumara Samarawickrema

  • වෛද්‍යවරුන්ට වැඩිකළ දීමනාව තාවකාලිකව අත්හිටුවයි

    වෛද්‍යවරුන්ට වැඩිකළ දීමනාව තාවකාලිකව අත්හිටුවයි

    මෙම වසරේ ජනවාරි මස සිට වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව සඳහා වැඩිකරන ලද රු. 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනය විසින් නිකුත් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් හා ආයතන ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය…

  • බැංකු ණය පොලිය ගැන මහ බැංකු අධිපති කතා කරයි

    බැංකු ණය පොලිය ගැන මහ බැංකු අධිපති කතා කරයි

    බැංකු ණය පොලී අනුපාතය තවදුරටත් අඩු විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (23) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. “දත්ත බැලුවාම අඩුකරලා තියෙනවා. අපි බලාපොරොත්තු වන ප්‍රමාණයට අඩුකරලා නෑ කියන එක තමයි අපි කියන්නේ. අඩු කරලා නෑ කියන එක අපි බැලුවාම බැංකුවලින් විශේෂයෙන්…

  • ගෙවුණු දින 20 ට ඩෙංගු මරණ 03 ක්

    ගෙවුණු දින 20 ට ඩෙංගු මරණ 03 ක්

    මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ. මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ මෙම මරණ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ය. මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති…

  • ජනපති දිවයිනට පැමිණේ

    ජනපති දිවයිනට පැමිණේ

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරය නිමා කර අද (23) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස අද උදෑසන 8.30ට ඩුබායි එමිරේට්ස් ගුවන් සේවයේ EK650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. ජනාධිපතිවරයා මෙම කාලය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට, උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි…

  • සාමාන්‍ය පෙළට අයැදුම් කිරීමට දින නියම කෙරේ

    සාමාන්‍ය පෙළට අයැදුම් කිරීමට දින නියම කෙරේ

    2023 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයැදුම්පත් කැඳවීම හෙට (ජන. 23) සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ඒ අනුව, සියලු ම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකව ම අදාළ…

  • යුක්තිය වහාම නවත්තන්න – විශේෂ නිවේදනයක්

    යුක්තිය වහාම නවත්තන්න – විශේෂ නිවේදනයක්

    දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥන් පිරිසක් ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ බලධාරීන් සෞඛ්‍ය සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

  • උද්ධමනය ඉහළට

    උද්ධමනය ඉහළට

    ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේදී උද්ධමනය සියයට 2.8ක් ලෙස සටහන් විය. මේ අතර 2023 වසරේ නොවැම්බර් මාසයේ…

  • ඉල්ලා අස්වන සේවකයින් ගැන ඇමැතිගෙන් ප්‍රකාශයක්

    ඉල්ලා අස්වන සේවකයින් ගැන ඇමැතිගෙන් ප්‍රකාශයක්

    ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීම් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට තමන් උපදෙස් දී තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.  ඒ තම X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින්.  එමෙන්ම ආයතනයේ ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු කඩිනම් කරන ලෙස ලංවිම කළමනාකාරීත්වයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.  ලංවිම ප්‍රතිසංස්කරණ, පිරිවැය අඩු…

  • චමරිට ICCයෙන් විශේෂ ස්ථානයක්

    චමරිට ICCයෙන් විශේෂ ස්ථානයක්

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළත් කණ්ඩායම නම්කරනු ලැබුවා. එම කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර තිබෙනවා.

  • බෙලිඅත්තේ දී දරුණු වෙඩිතැබීමක් පක්ෂ නායකයෙකු ඇතුළු 05 දෙනෙක් මරුට

    බෙලිඅත්තේ දී දරුණු වෙඩිතැබීමක් පක්ෂ නායකයෙකු ඇතුළු 05 දෙනෙක් මරුට

    තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය සිදු වී ඇත්තේ දක්ෂිණ අධිවේ මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදියි. අද(22) උදැසන 8.35ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී තිබෙනවා. කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර වෙඩිතැබීමෙන් මියගිය පිරිස…