Author: admin

  • මන්නාරමෙන් තවත් අවි තොගයක්.

    මන්නාරමෙන් තවත් අවි තොගයක්.

      මන්නාරම, ඉලුප්පුකඩවෙයි ප‍්‍රදේශයේ ළිඳක තිබී තවත් අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ. ආර්.පී.ජී ලෝන්චරයක් හා ජොනි බට්ටන් කිහිපයක් ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. මේ අතර සොයාගත් ජොනි බට්ටන් අධිකරණ නියෝගයක් මත නිෂ්ක්‍රීය කළ බවද ඒ මහතා පැවසීය. චාවකච්චේරි, මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක්…

  • ඇමති පාඨලීගේ රිය ගැටුනු අනතුරේ CCTV දර්ශණ මැකිලා.

    ඇමති පාඨලීගේ රිය ගැටුනු අනතුරේ CCTV දර්ශණ මැකිලා.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් රථයක ගැටී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළ නඩුව  කොළඹ  රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. එහිදී වැලිකඩ පොලීසිය අධිකරණයට වාර්තා කරමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බවයි. එම සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයේ තිබූ සී.සී .ටී.වී කැමරාවලින් දර්ශන…

  • චාවකච්චේරි සිදුවිමේ සැකකරුවෙකු අල්ලයි,බෝම්බ තිබුනට තර්ජනයක් නෑ- ආරක්ෂක ලේකම්.

    චාවකච්චේරි සිදුවිමේ සැකකරුවෙකු අල්ලයි,බෝම්බ තිබුනට තර්ජනයක් නෑ- ආරක්ෂක ලේකම්.

    මාරාගෙන මැරෙන ඇදුමක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයේදී එක් සැකකරුවෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අදාල නිවසේ හිමිකරු බවයි වාර්තා වන්නේ. මේ අතර යාපනය චාවකච්චේරි  ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…

  • මෙන්න අද ඇල්ලු බොම්බ.

    මෙන්න අද ඇල්ලු බොම්බ.

    අද(30)පෙරවරුවේ යාපනය චාවකච්චේරි  ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී සොයාගත් c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය,  මරාගෙන මැරෙන ඇඳුම් සහ ක්ලේමෝ බෝම්බ ආදියේ ඡායාරූප පහතින් දැක්වෙනවා. චාවකච්චේරි පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මෙම පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ඒ…

  • අවුරුදු බෝනස් ඉල්ලා මිනිරන් පතලේ උපවාසයක්.

    අවුරුදු බෝනස් ඉල්ලා මිනිරන් පතලේ උපවාසයක්.

    කුරුණෑගල කහටගහ මිනිරන් පතලේ සේවකයින් පිරිසක් උපවාසයක් අරඹා තිබෙනවා. ඒ අලුත් අවුරුද්ද සඳහා ප්‍රසාද දීමනා ඉල්ලා සිටිමින් බවයි පැවසෙන්නේ. මෙම උපවාසය අරඹා ඇත්තේ පතලේ අඩි 1100කට වඩා ගැඹුරින් පිහිටි ස්ථානයක වීම විශේෂත්වයක්. රුපියල් 15,000ක ප්‍රසාද දීමනාවක් සෑම වසරකම ලබාදෙන  නමුත් මේ වසරේ අවුරුද්දට එය නොදීමට විරෝධය පළ කර මෙම විරෝධතාවය පැවැත්වෙයි.

  • මාරාගෙන මැරෙන ඇදුමක්, C4 බොම්බ සමග අල්ලයි.සැකකරු පැන ගනී.

    මාරාගෙන මැරෙන ඇදුමක්, C4 බොම්බ සමග අල්ලයි.සැකකරු පැන ගනී.

    චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවන්පුලෝ ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වී තිබේ. නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 3ක්,  මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා. මෙම නිවසේ විසූ සැකකරු ළග ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය පවත්නා බවට…

  • මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ? උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි.

    මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ? උදය ගම්මන්පිල ප්‍රශ්න කරයි.

    2016 මාර්තු 23 දින පැවැති “අගමැතිතුමාගේ ආර්ථික ප්‍රකාශය“ පිළිබඳ විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කළ කතාව මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.මෙහිදි වත්මන් මුල්‍ය අර්බුදය සහ එය මින් පෙර පැවති රජය වෙත චොදනාවක් ලෙස එල්ල කිරිමට එරෙහිව ඒ මහතා අදහස් පළකර තිබෙනවා. පලකල අදහස් මෙසෙයි.. මාර්තු 08 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්…

  • ඇමති අර්ජුනගේ සහෝදර වරාය සභාපති ධම්මිකට අධිකරණයෙන් ඇප.

    ඇමති අර්ජුනගේ සහෝදර වරාය සභාපති ධම්මිකට අධිකරණයෙන් ඇප.

    කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබෙනවා. ධම්මික රණතුංග මහතාට මෙහිදී තරයේ අවවාද කර ඇති බවද සඳහන්.

  • අගමැති රනිල් 67 සමරයි.

    අගමැති රනිල් 67 සමරයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා. 1993 වසරේ පළමු වරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේදී ද, 2015 වසරේදී දෙවරක්ද අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දුන්නා. සිව්වරක් අගමැති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අගමැති වීමෙන් පසු සමරන පළමු ජන්ම දිනය මෙය වනවා. 1994 වර්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයේ…

  • තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට.

    තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට.

    තොරතුරු දැනගැනීමේ පනත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාගත කිරීමට කටයුතු කර තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත සඳහා මේ වන විට සියළු පළාත් සභා වල අනුමැතිය හිමිව ඇති අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට කටයුතු කරනු ඇති.