මෙන්න අද ඇල්ලු බොම්බ.

අද(30)පෙරවරුවේ යාපනය චාවකච්චේරි  ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී සොයාගත් c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය,  මරාගෙන මැරෙන ඇඳුම් සහ ක්ලේමෝ බෝම්බ ආදියේ ඡායාරූප පහතින් දැක්වෙනවා.
චාවකච්චේරි පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මෙම පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව එම නිවසේ තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ට්ලයක්, පැති බෝම්බ 04ක්, කිලෝග්‍රෑම් 12ක බරින්  යුතු ටී.එන්.ටී පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03ක්, මිලිමිටර් 09 වර්ගයේ පතොරොම් 100ක් සහ උපකරණ තොගයක් මෙලෙස සොයාගෙන තිබේ.

මෙම පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ තිබූ නිවසේ හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

එමෙන්ම මේවා පසුගිය යුධ සමයේ සගවා තබන ලද පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ බවට සැකපළ කරන බව රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර අද(30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත මාධ්‍ය හමුවකදී මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කර තිබේ.

එහිදී ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ අදාළ ඇදුම් කට්ටලය සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව පොලීසිය විමර්ශන සිදු කරන බවයි.

ඊට අදාළ සියළුම සහය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දෙන බව ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පවසා තිබේ.

941343_267615346904401_3056412588806548791_n 1655974_267615163571086_8908408078176983099_n 12321686_267615373571065_985523923517271984_n 12376624_267615296904406_1835970814486227031_n 12376681_267615360237733_8152763424566922169_n 12439103_267615093571093_7362400659053312094_n