Author: admin
-
රිය අනතුරුවලින් මේ වසර තුළ දරුවන් 115ක් මියගිහින්
—
මාර්ගවල සිදුවන අනතුරුවලින් වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ළමයින් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා. මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා කියා සිටියේ. රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන කටයුතු මෙම…
-
ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
—
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ…
-
රටවල් 7කට Free visa
—
රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය. ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර…
-
විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා
—
විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම ඊයේ (20) අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට 18කින් විදුලි ගාස්තු…
-
බේකරි නිෂ්පාදන මිල ගැනත් දැනුම්දීමක්
—
ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ, ඊයේ (20) සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකළ ද මේ වන විට අධික පිරිවැය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන්…
-
විදුලි ගාස්තු යළිත් ඉහළට; බිල වැඩි වෙන්නේ මෙහෙමයි
—
අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු ඉහළ යන ආකාරය පහතින් දැක්වේ. ඒකක 0 – 30 – රු.150 සිට රු. 180 ඒකක 31 – 60 – රු. 300…
-
තවත් තරුණියක් අතුරුදන්
—
ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියකි. ඇයගේ දෙමව්පියන් පැවසුවේ පසුගිය 08 වනදා පෙරවරු 7.30 ට පමණ පංතියකට සහභාගීවීම සඳහා ඇය නිවසින් පිටව ගිය බවය. මේ වනවිට දින 12ක් පුරා ඇය සම්බන්ධයෙන කිසිදු තොරතුරක් නොමැති බව ඇයගේ මව පැවසුවාය.…
-
විජයකලා මහේෂ්වරන් නිදහස්
—
ඉකුත් 2018 වසරේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබෙනවා. ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි. 2018 ජුලි 2 වැනිදා යාපනයේ…
-
පිටකොටුවේ දුරකතන අලෙවිසැල් 20කට නඩු: සිව් වසරකට පෙර තහනම් කළ උපාංග තවමත් අලෙවියේ
—
පිටකොටුව ප්‍රදේශයේ ඇති දුරකතන සහ උපාංග අලෙවි කරන වෙළෙඳසැල් 20කට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා. ඒ, එම අලෙවිසැල්වල තුළ ඇති ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකතන හා උපාංගවලට වගකීම් සහතිකයක් ලබා නොදීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, SLS ප්‍රමිතියට අනුකූල නොවන උපාංග විකිණීම සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබීම යන චෝදනා සම්බන්ධයෙන්. මෙම වෙළෙඳසැල්වල අලෙවි කිරීම සඳහා…
-
මිතුරියන් දෙදෙනෙක් සියදිවි නසා ගෙන
—
කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ නිවසක තිබී මිතුරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ, එම මළ සිරුරු ඊයේ (16) සොයා ගත් බවය. ඔවුන් දෙදෙනා නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටිය දී මෙලෙස සොයාගෙන තිබේ. එලෙස සියදිවි නසාගෙන ඇත්තේ අවුරුදු 17ක් වූ සුරේෂ් කුමාර් තනිකේ හා ලෝගේෂ්වරන් තමිලිනි යන මිතුරියන් දෙදෙනෙකි.අදාළ මරණයන් සම්බන්ධයෙන්…