SLPP රැස්වීම් නවත්වයි!

කොවිඞ් 19 රෝගයට ගොදුරුවූවන් කිහිපදෙනකු සමාජයෙන් වාර්තා වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලූ මැතිවරණ ප‍්‍රචාරක රැුස්වීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පක්ෂයේ ප‍්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

ජනතාවගේ ආරක්ෂාව, සෞඛ්‍ය අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් ගෙනයන සෞඛ්‍යාරක්ෂක වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද, හෙට සහ අනිද්දා (13, 14, 15) යන දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතව තිබූ සියලූ ප‍්‍රධාන ජනහමුද මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙයට අමතරව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂකයන් සංවිධානය කර තිබෙන කුඩා ජනහමු සීමා කරන ලෙසත් උපදෙස් දී ඇති බැසිල් රාජපක්ෂ මහතා දැඩි සෞඛ්‍ය ආරක්ෂක උපදෙස්වලට අනුගතව කටයුතු කරන ලෙසත් පක්ෂයේ සියලූ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරි මැතිවරණ ප‍්‍රචාරක රුස්වීම් පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව ද ලේකම්වරයා පැවසීය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *