අටෙන් වැටෙයි!වැටිලා මැරෙයි!

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ශ්වසන මාර්ගයේ ඇතිව තිබු රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත් 12 වෙනිදා මිගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙනවිත් තිබු අතර ඔහු බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ පසුව සිට ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 12.30ට පමණ අදාළ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිලිබඳව සොයා බැලීමේදී මෙලෙස ඔහු බිමට ඇද වැටී මියගොස් සිටියදී හමුව තිබෙනවා.

මෙම රැඳවියා වයස අවුරුදු 34ක් පමණ වන අයෙක් බවත් ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිතව ඇති බවයි මිගමුව රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *